
කොටස් එකලස් කර සාදන ලද බව කියන සුඛෝපභෝගී මෝටර් රථයක් සහ එහි තිබූ ව්‍යාජ අංක තහඩු සම්බන්ධයෙන් රාගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ සිටින 43 හැවිරිදි හිමිනමක් කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ (10) අත්අඩංගුවට ගෙන ඇත. අදාළ මෝටර් රථයද පොලිස් භාරයට ගෙන තිබේ.
පොලිසිය පවසන්නේ, එකලස් කළ වාහනයක් ව්‍යාජ අංක තහඩු යොදාගෙන පරිහරණය කිරීමේ චෝදනාව මත මෙම හිමිනම සැකපිට අත්අඩංගුවට ගත් බවයි. මෙම සුඛෝපභෝගී මෝටර් රථය හිමිනමට ලැබුණු ආකාරය පිළිබඳව පොලීසිය මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval