දෙදහස් එක වසරේ නොවැම්බර් 16 වැනිදා කුරුණෑගල රෝහලේදී උපත ලද දියණියට දෙමාපියන් විසින් නම් දී තිබුණේ දර්ශනී යනුවෙනි. නීරෝගී දැරියක් ලෙස උපත ලැබූ ඇය ඉතා කුඩා අවධියේ සිටම රථවාහනවලට අධික බියක් දක්වන බවක් මවට දක්නට ලැබුණි. කුඩා දරුවන් මගින් ඇතැම් විට දක්නට ලැඛෙන සාමාන්‍ය සිදුවීමක් ලෙස දියණියගේ එම බියපත් වීම සිදු වේ යයි මව සිතුවාය. වයස අවුරුදු දෙකක් පමණ වන විට ඇයට ඉතා හොඳින් කතා කිරීමට හැකියාව ලැබුණි.
දිනක් මව ඇමතූ දැරිය, " ඔයා මගේ අම්මා නෙවෙයි. මගේ මමා ඔයා වගේ මිටි නෑ. ඒ අම්මා සුදුයි, උසයි. ඒ තාත්තත් මේ තාත්තා වගේ නෙවෙයි. ඒ තාත්තත් උසයි සුදුයි ” යැයි පැවැසුවාය. දියණියගේ මෙම ප්‍රකාශය මවගේ මවිතයට හේතු විය. දියණිය කිසියම් පෙර භවයක ජිවිත තොරතුරු හෙළි කරන්නේ ද යන්න මවට සිතුණි. මින් අනතුරුව දියණියගේ ප්‍රකාශ පිළිබඳව මවුපියෝ අවධානය යොමු කළහ. තවත් දිනක් මව ඇමතූ දර්ශනී දැරිය, * එහෙදී මට අයියා කෙනෙක් හිටියා. ඒ අයියත් මගේ දැන් ඉන්න අයියා වගේමයි ” යනුවෙන් ද පැවැසුවාය.
දියණිය නියත වශයෙන්ම ඇගේ කිසියම් පෙර භවයක් හෙළි කරන බැව් මවට පැහැදිලි වූවාය. වරින් වර ඇගේ මතකයට නැගෙන පෙර භව තොරතුරු හෙළි කිරීම ඇගේ සිරිත වී තිබුණි. තවත් විටෙක ඇය ජීවත්ව සිටි නිවෙස ගැන ප්‍රකාශ කළේ ඔවුන් ඒ වන විට පදිංචිව සිටි කුඩා නිවෙස සමග සංසන්දනය කරමිනි.
" අපේ ගේ වගේ නෙවෙයි, ඒ ගෙදර ලොකුයි.මාව ඒ ගෙදරට එක්ක යන්න " යැයි කියන්නට වූවාය. දියණිය නිතර නිතර කරනු ලබන ඉල්ලීම නිසා මව ඇගෙන් තව තවත් තොරතුරු වීමසුවාය.
" ඔයාගේ ගේ තියෙන්නේ කොහේද ? * දිනක් මව දියණියගෙන් විමසුවාය. එයට පිළිතුරු දුන් දැරිය, "අපේ ඒ ගේ තියෙන්නේ රාජගිරියේ " යැයි පිළිතුරු දුන්නාය. මව පුදුමයට පත්වූවාය.
එවැනි ප්‍රදේශයක් ගැන මීට ප්‍රථම දියණියට කිසි දිනෙක අසන්නට හෝ නොලැබුණු බවට පැහැදිලිය. ඒ පිළිබඳව තවදුරටත් විමසීමට සිතූ මව ඇයට ඉදිරිපත් කළ ප්‍රශ්නත් ඇය දුන් පිළිතුරුත් මෙසේය.
ප්‍රශ්නය - රාජගිරියට යන්නේ කොහොම ද?
පිළිතුර - රාජගිරියට යන්න කොළඹට යන්න ඕනෑ.
ප්‍රශ්නය - කොළඹට ගිහින් යන්නේ කොහොම ද?
-රාජගිරියට යන්න වෙනම බස් පිළිතුර තියෙනවා.
ප්‍රශ්නය - ගේ හොයාගෙන යන්න පුළුවන් ද?
පිළිතුර - ඔව්, යන්න පුළුවන්.
එහෙත්, පෙර භවයේ මවුපියන්ගේ හෝ වෙනත් කිසිවකුගේ පුද්ගල නම් ඇගෙන් අනාවරණය නොවීය.
මේ අතර, ඇය පෙරපාසල් අධ්‍යාපනය සඳහා පෙරපාසලකට ඇතුළත් කළාය. එහිදී ඇගේ නම දර්ශනී ලෙස ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව පෙරපාසලේ ගුරුවරිය ඇය අමතන ලද්දේ දර්ශනී යනුවෙනි. දිනක් පාසලේ සිට නිවෙසට පැමිණි දියණිය මව ඇමතුවාය.
" අම්මේ, ඇයි මට ඉස්කෝලෙදි දර්ශනී කියන්නේ? මගේ නම දර්ශනී නෙවෙයිනේ. මගේ නම දර්ශිකා යැයි කීවාය. එමගින් ඇය අනාවරණය කළේ ඇගේ පෙර භවයේ නම බැව් ද පැහැදිලි විය. ඇගේ එකම ඉල්ලීම වූයේ පෙර නිවෙසට රැගෙන යන ලෙසය.
මේ අතර, ඇගේ හැසිරීම් රටාව තුළින් ද අන් දරුවන්ට වඩා වෙනස් ගති සිරිත් දක්නට ලැබුණි. ඇය කුඩා දැරියක වුව ද නිතරම ඉල්ලා සිටියේ තරුණියන් අඳිනු ලබන විලාසිතා ගවුම්ය. අන් දැරියන්ට ඇතැම් විට අන්දනු ලබන කිසිදු ඇඳුම් වර්ගයක් ඇය ප්‍රිය නොකළාය. කුඩා දැරියන්ට ඇතැම් විට අන්දවනු ලබන ඩෙනිම් වර්ගයේ ඇඳුමක් හෝ ඇයට ඇන්දීමට උත්සාහ කළ විට ඒවා ඇය ප්‍රතික්ෂේප කරනු ලැබුවේ " මට ගවුම් ඕනෑ " යනුවෙන් ප්‍රකාශ කරමිනි.
ඇය හැම විටම මවට කියනු ලැබුවේ, " ඔයා මගේ අම්මා නෙවෙයි, මගේ අම්මා ඉන්නේ රාජගිරියේ " යනුවෙන් වීම ද විශේෂත්වයක් විය.
දර්ශනී දැරියගේ පෙර භවයේ තොරතුරු සනාථ කර ගැනීමට ඇය මෙන්ම ඇගේ මවත් ඇගේ සොහොයුරාත් දැඩි කැමැත්තක් දක්වති.
ඇය පෙර භවය පිළිබඳව හෙළි කළ තොරතුරු ලැයිස්තුවක් ලෙස මෙහි සඳහන් කළ හැකිය. ඒවා මෙසේය.
පෙර භවයේ නම දර්ශිකා.
* පෙර භව පියා සුදුයි, උසයි.
* පෙර භව මව උසයි, සුදුයි.
* අයියා කෙනෙක් සිට ඇත.
ඔවුන්ගේ නිවෙස විශාලය.
පදිංචිව සිටියේ රාජගිරියේය.
රාජගිරියට යන්න කොළඹට යන්න ඕනෑ.
කැටයක සල්ලි එකතු කළා.
එහිදී ලොකු ගවුම් ඇන්දා.
කොළඹට ගියාම රාජගිරියට වෙනම බස් තියෙනවා.
හරස් පාරකින් යන කොට වෙල්යායවල් තියෙනවා.
දර්ශනී දැරිය පිළිබඳව පසු ගිය දිනෙක විමර්ශනයක් කිරීමට අපට අවස්ථාව ලැබුණි. එහිදී ඇගේ මව වූ සුරංගනී මහත්මිය සමග කළ සාකච්ඡාවේදී ඇයට ඉදිරිපත් කළ ප්‍රශ්නත් ඇය දුන් පිළිතුරුත් මෙසේය. මේ වන විට දර්ශනී තරුණ වියට පිවිස සිටින්නීය.
ප්‍රශ්නය - ඔබේ දියණිය පෙර භවය අනාවරණය කිරීම සිදු වූයේ වයස අවුරුදු කීයේදී ද?
පිළිතුර - වයස අවුරුදු තුනේදී පමණ.
ප්‍රශ්නය - එයා මුල්ම පෙර භවය ගැන ප්‍රකාශ කළේ මොනවා ද?
පිළිතුර - මම එයාගේ අම්මා නෙවෙයි කීවා.
ප්‍රශනය - අම්මා නෙවෙයි කියලා කිව්වේ කොහොම چ?
පිළිතුර - මම වගේ මිටි නැහැ කිව්වා. ඒ අම්මා
මට වඩා සුදුයි උසයි කිව්වා.
ප්‍රශ්නය - පියා ගැන මොනවා ද කිව්වේ?
පිළිතුර කිව්වා. පියාත් සුදු උස කෙනෙක් කියලා
ප්‍රශ්නය - පවුලේ හිටි වෙනත් අය ගැන කිව්වා ද?
පිළිතුර - ඔව්, අයියා කෙනෙක් හිටියා කිව්වා.
ප්‍රශ්නය - ඒ අයියාගේ නම කිව්වා ද?
පිළිතුර - නැහැ. දැන් ඉන්න අයියා වගේ අයියා කෙනෙක් කිව්වා. නමක් සඳහන් කළේ නැහැ.
ප්‍රශ්නය - වෙන පුද්ගලයන්ගේ නම් මොනවත් කිව්වා ද?
පිළිතුර - නැහැ. එයාගේ නම දර්ශිකා කියලා කිව්වා.
ප්‍රශ්නය - එයාගේ වෙනත් හැසිරීම් රටා මොනවා چ?
පිළිතුර - තරුණ වයසේ සිටි කෙනෙක් වගේ ගති සිරිත් තිබුණා. වයසට වඩා පැසුණු ළමයෙක් විදිහට දකින්නට ලැබුණා.
ප්‍රශ්නය - එයාගේ මරණය සිදු වුණු අයුරු කීවා ද?
පිළිතුර - ඒවා ගැන එතරම් මතකයක් තිබුණු බව දකින්නට ලැබුණේ නෑ.
මෙම දැරිය අනාවරණය කළ මෙම කරුණු වලට සමාන කිසියම් පවුලක ජීවිත තොරතුරු සොයා ගැනීමට දර්ශිකාගේ සොහොයුරා ඇතුළු පවුලේ අය දැඩි ආශාවකින් පසු වෙති. දර්ශනී දැරිය හෙළි කළ මෙම තොරතුරු වලට සමාන පවුලක් පිළිබඳව සොයාගත හැකි වුවහොත් මේ පිළිබඳව පර්යේෂණයක් පැවැත්වීමට ඇගේ සොහොයුරා සූදානමින් සිටී.
(තිස්ස ජයවර්ධන-lankadeepa)
Comments
Post a Comment
Your comment will be visible after approval