ඊයේ (13) සවස මතුගම, සපුගහවත්ත ප්‍රදේශයේදී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ රිය අනතුරකින් හැත්තෑ හැවිරිදි පමණ කාන්තාවක් බරපතල තත්ත්වයෙන් රෝහල් ගතකර තිබේ.
අනතුරට හේතුවී ඇත්තේ වෑන් රථය පදවාගෙන ආ 60-65 වයස් වල පසුවන රියදුරුට නින්ද යාම බව පොලීසිය පවසයි. රිය අනතුර සිදුවන අවස්ථාවේ වාහනයේ රියදුරුගේ බිරිඳ ද ගමන් කර ඇති අතර, ඇයව ද කඩිනමින් කළුතර නාගොඩ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් දොඩංගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval