
අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී ‘ගණේමුල්ල සංජීව’ නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට නීතිඥවරියක වේශයෙන් පැමිණ සම්බන්ධවූ බව කියන හා එම ඝාතනයේ මහමොළකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. මේ වන විට ඇය රටින් පලා ගොස් ඇති බවට පොලිසිය සැක කරයි.
ප්‍රබල අපරාධ කල්ලි නායකයෙකු වූ සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිදුවීම ‘කෙහෙල්බද්දර පද්මේ’ සහ ‘කමාන්ඩෝ සලින්ද’ නැමැත්තන් විසින් මෙහෙයවා ඇති බවට මීට පෙර අනාවරණය වී තිබිණි. මෙම වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා පුත්තලම, පාලවිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවද, සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි පළා ගොස් සිටියාය.
මීට පෙර කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සැකකාරිය අත්අඩංගුවට ගැනීමට මෙරට විවිධ ප්‍රදේශවල සෝදිසි මෙහෙයුම් දියත් කළ ද, ඒවා සාර්ථක නොවීය. කෙසේ වෙතත්, ‘කෙහෙල්බද්දර පද්මේ’ ඇතුළු අපරාධකරුවන් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත්වීමත් සමග, ඉෂාරා සෙව්වන්දි පිළිබඳ විමර්ශන ජාත්‍යන්තර මට්ටමින් ක්‍රියාත්මක කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ. ඇය ඩුබායි සිටින බවට තොරතුරු ඇති නමුත් මේවනවිට සිටින ස්ථානය වෙනස්විය හැකි බවද පොලිස් පරීක්ෂකවරු සඳහන් කරති.
Comments
Post a Comment
Your comment will be visible after approval