ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු පැසිෆික් කලාපයේ රටවල් 14ක් සඳහා සිය සේවාවන් ව්‍යාප්ත කිරීමට වෝනර් බ්‍රදර්ස් ඩිස්කවරි සමාගම තීරණය කර ඇති අතර, ඒ අනුව සුප්‍රකට HBO Max ස්ට්‍රීමින් සේවාව එළඹෙන ඔක්තෝබර් 15 වනදා සිට මෙරට ප්‍රේක්ෂකයන්ටද නැරඹීමේ අවස්ථාව උදා වනු ඇත.
ශ්‍රී ලංකාවේ ස්ටාර්ලින්ක් හා එස්එල්ටී ෆයිබර් ඇතුළු අන්තර්ජාල ISP සේවා ස්ථාවර මට්ටමකට පැමිණීම මෙම තෝරාගැනීමට මුල්වී ඇත.
ශ්‍රී ලංකාවට අමතරව බංග්ලාදේශය, පකිස්ථානය, බෲනායි, කාම්බෝජය, ලාඕසය, මැකාවු සහ මොංගෝලියාව යන රටවලටද HBO Max සේවාව මෙම වටයේදී හඳුන්වා දෙනු ලබයි. මීට සමගාමීව මියන්මාරය, නේපාලය, පලාවු, පැපුවා නිව්ගිනියාව, සොලමන් දූපත් සහ නැගෙනහිර තිමෝරය යන රාජ්‍යයන්හි ප්‍රේක්ෂකයන්ටද මෙම නවතම අත්දැකීම විඳගැනීමට අවකාශ සැලසෙනු ඇත.
මෙම නව සේවාව ඔස්සේ HBO නාළිකාවේ ඉහළම ගණයේ වැඩසටහන්,
"හැරී පොටර්" සහ DC විශ්වයට අයත් ජනප්‍රිය චිත්‍රපට මාලා මෙන්ම කාටූන් නෙට්වර්ක් නාළිකාවේ නිර්මාණ සහ ඩිස්කවරි, TLC, ෆුඩ් නෙට්වර්ක්, ID, HGTV වැනි ජීවන රටා නාළිකාවල අන්තර්ගතයන් රැසක් නැරඹිය හැකිය.
"Superman", "Sinners" සහ "Final Destination: Bloodlines" වැනි නවතම සිනමා නිර්මාණ මෙන්ම, "House of the Dragon", "The Last of Us", "The Penguin" සහ "The Pitt" වැනි HBO නාළිකාවේ විශිෂ්ටතම කතා මාලාද නව ග්‍රාහකයන් හට නැරඹීමට අවස්ථාව සැලසේ.
තවද, "The Paper" සහ "MobLand" වැනි ඉදිරියේදී නිකුත් වීමට නියමිත මුල් නිර්මාණ, "Gold Rush", "Deadliest Catch", "90 Day Fiancé" වැනි රියැලිටි වැඩසටහන් සහ "Adventure Time", "We Bare Bears", "Tom and Jerry", "Looney Tunes" වැනි ජනප්‍රිය කාටූන් කතා මාලා රාශියක්ද මෙම වේදිකාව හරහා ප්‍රේක්ෂකයන් වෙත ගෙන ඒමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval