galewela-zonal-office-employee-tharuka-killed-by-husband-while-sleeping

 කළමනාකරණ සේවා නිලධාරිනියක වූ සිය බිරිඳව නිදි යහනේදී ඝාතනය කළ බවට චෝදනා එල්ල වූ සැමියෙකු, ලබන සැප්තැම්බර් 29 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට දඹුල්ල දිසා විනිසුරු නිලන්ත විමලරත්න මහතා නියෝග කර තිබේ. ස්වාභාවික මරණයක් ලෙස මුලින් වාර්තා වූ මෙම සිදුවීම, පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඝාතනයක් බවට අනාවරණය වීමත් සමග මෙම පියවර ගෙන ඇත.



මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ගලේවෙල කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවය කළ, දඹුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි තාරුකා කෞෂල්‍යා නිස්සංක නමැති එක්දරු මවකි. පසුගිය 13 වන දින ඇය සිය නිවසේ නිදා සිටියදී මියගොස් ඇති බවට පොලීසියට තොරතුරු ලැබී තිබිණි.

සැකකාර සැමියා පොලීසියට මුලින් ලබා දී තිබූ ප්‍රකාශයේ සඳහන් වූයේ, විභාගයකට සූදානම් වෙමින් සිටි තම බිරිඳ කෙටි නින්දකට ගිය බවත්, පසුව ඇය අවදි නොවූ බැවින් ගිලන් රථයක් ගෙන්වූ විට ඇය මියගොස් ඇති බව දැනගත් බවත්ය.

කෙසේ වෙතත්, මරණය පිළිබඳව ඇතිවූ සැකය මත දඹුල්ල පොලීසිය අධිකරණ නියෝග මත පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා තිබේ. සැප්තැම්බර් 15 වන දා සිදුකළ එම පරීක්ෂණයේදී, හිසට සිදු වූ බරපතළ අභ්‍යන්තර රුධිර වහනයක් මෙම මරණයට හේතු වී ඇති බව තහවුරු විය.

මෙම වෛද්‍ය වාර්තාව ලැබීමත් සමග, ප්‍රකාශයක් ලබා දීම සඳහා දඹුල්ල රෝහලට පැමිණ සිටි සැකකාර සැමියා වන චාමර දන්දෙණිය නමැත්තාව දඹුල්ල පොලීසිය විසින් එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන ඇත. දඹුල්ල මූලස්ථාන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.



gossiplanka image 2