colombo-chief-magistrate-criticizes-cid-for-the-way-suspects-are-arrested

 සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අනුගමනය කරන ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග බෝදරගම මහතා සිය දැඩි අප්‍රසාදය පළ කළේය. සැප්තැම්බර් 16 වන දින අධිකරණයේදී මූල්‍ය වංචාවක් සම්බන්ධ නඩුවක් විභාගයට ගත් අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරයා මෙම විවේචනය සිදු කළේය.



විත්තිකරුවන් කිහිප දෙනෙකු සම්බන්ධ නඩුවක, සැකකරුවන්ගෙන් කොටසක් පමණක් වරින් වර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය මහෙස්ත්‍රාත්වරයාගේ දෝෂ දර්ශනයට ලක් විය.

මෙම ක්‍රියාකලාපය නිසා අධිකරණයේ කාර්යභාරය අනවශ්‍ය ලෙස ඉහළ යන බවත්, එකම නඩුවේ සැකකරුවන්ට වෙනස් ආකාරයට සැලකීමට හේතුව කුමක්දැයි ඔහු ප්‍රශ්න කළේය. විමර්ශන කටයුතුවලදී පසුගාමී නොවී කටයුතු කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා මෙහිදී අවධාරණය කළේය.

මහජනතාව අධිකරණය වෙත පැමිණෙන්නේ යුක්තිය පිළිබඳ විශ්වාසයෙන් බව සිහිපත් කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා, එම විශ්වාසය ආරක්ෂා වන පරිදි විමර්ශන නිසි ලෙස සිදු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තරයේ නියෝග කළේය. යම් සැකකරුවෙකුට එරෙහිව කරුණු අනාවරණය වන්නේ නම් වහාම ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවත්, නඩුවට අදාළ නොවේ නම් ඔහුව නිදහස් කිරීමට පියවර ගත යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.


තැන්ප­ත්ක­රු­වන් දහ­ස­කට අධික පිරි­ස­ක­ගෙන් තැන්පත් ලෙස රුපි­යල් කෝටි 900කට අධික මුද­ලක් ලබා ගෙන වංචා කළ බවට රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිටි සිංහ ෆිනෑන්ස් සහ නේෂන් ලංකා ආය­තන දෙකෙහි අධ්‍ය­ක්ෂ­ව­රුන් ලෙස කට­යුතු කළ දෙදෙ­නෙකු වන මහේෂ් ප්‍රියන්ත අග­ල­ග­මගේ සහ චන්දික යස­නාත් බණ්ඩාර වීර­කෝන් නමැති අය­ව­ළුන් තව­දු­ර­ටත් ලබන 29 තෙක් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අසංග එස්. බෝද­ර­ගම මහතා ඊයේ (16) නියෝග කළේය.

ඔවුන් දෙදෙනා සම්බ­න්ධ­යෙන් ජනා­ධි­පති නීති­ඥ­ව­රුන් ප්‍රමුඛ නීතිඥ මඬුල්ල සිදු කළ ඇප ඉල්ලීම ප්‍රති­ක්ෂේප කළ ප්‍රධාන මහේ­ස්ත්‍රා­ත්ව­රයා, ඇප දීම සම්බ­න්ධ­යෙන් පෙර දින නීති­පති දෙපා­ර්ත­මේ­න්තුව විරෝ­ධය පළ නොකළ 10 වැනි සැක­කරු වන එම්. උදය පුෂ්ප­කු­මාර යන අධ්‍ය­ක්ෂ­ව­රයා රුපි­යල් ලක්ෂ තුනක මුදල් ඇප­යක්, රුපි­යල් ලක්ෂ 25 ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙස නියෝග කළේය.

එම ඇප­ක­රු­ව­න්ගෙන් එක් අයෙක් පවුලේ ඥාති­යකු විය යුතු බව­ටත් නියෝග කර­මින් ඔවුන්ගේ දිවු­රුම් ප්‍රකාශ අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙසද මහේ­ස්ත්‍රා­ත්ව­රයා නියෝග කළේය.

එමෙන්ම සැක­ක­රුගේ විදේශ ගමන් තහ­නම් කළ මහේ­ස්ත්‍රා­ත්ව­රයා විදේශ ගමන් බල­ප­ත්‍රය අධි­ක­ර­ණ­යට භාර දෙන ලෙසත් විදේශ ගමන් බල­ප­ත්‍ර­යක් නොමැති නම් ඒ බවට දිවු­රුම් ප්‍රකා­ශ­යක් මඟින් කරුණු දක්වන ලෙසත් නියෝග කළේය.

ඊයේ දිනයේ 10 වන සැක­කරු බන්ධ­නා­ගා­රය විසින් විවෘත අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර තිබූ අතර 1 සහ 11 සැක­ක­රු­වන් තවත් මෙවැ­නිම නඩු­වක් සඳහා පොලො­න්න­රුව අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර ඇති බව බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුව වාර්තා­වක් ඉදි­රි­පත් කර­මින් අධි­ක­ර­ණ­යට දැන්වීය.

අග­ති­යට පත් පාර්ශ්වය වෙනු­වෙන් කරුණු දක්ව­මින් ජනා­ධි­පති නෙවිල් අබේ­රත්න, ජ්‍යෙෂ්ඨ නීතිඥ ධර්ම­ති­ලක ගමගේ, නීතිඥ ප්‍රදීප් විජේ­සිංහ මහ­ත්ව­රුන් ඇතුළු නීතිඥ මඬුල්ල කරුණු දැක්වූහ.

මේ නඩු සම්බ­න්ධ­යෙන් පැමි­ණිලි 600ක් පමණ බන්ධ­නා­ගා­ර­යට ඉදි­රි­පත් කර තිබුණ ද රට වටේ අග­ති­යට පත් පිරිස 1000ක් 1200ක් වගේ සිටි­නවා. මේ සියලු දෙනාගේ ප්‍රකාශ සට­හන් කර­ගැ­නී­මට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව කට­යුතු කර නැහැ. සැක­ක­රු­වන් 11ක් සිටි­යත් මෙහි මහ මොළ­කරු වන නේෂන් ලංකා සමා­ගමේ සභා­පති වික්ටර් රම­නන් මේ වන­වි­ටත් අත්අ­ඩං­ගු­වට ගෙන නැහැ. ඔවුන් පොලී­සිය මග හරි­මින් සිටි­නවා. දිවු­රුම් ප්‍රකාශ හෝ ලබාදී අග­ති­යට පත් පාර්ශ්ව­යට මැදි­හත් වීමට අව­සර ලබා දෙන්න යැයි ඔවුහු කීහ.