රඹුක්කන, තිස්මල්පොල දුම්රිය ස්ථානයේදී දුම්රිය අනතුරකින් දරුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව රඹුක්කන පොලිසිය තහවුරු කරයි.
අනතුරින් මෙලෙස මියගොස් ඇත්තේ මැදගම ප්‍රදේශයේ පදිංචිව සිටි 14 හැවිරිදි පිරිමි දරුවෙකි.
මිතුරන් පිරිසක් සමග රඹුක්කන සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියකින් තිස්මල්පොල දුම්රිය ස්ථානයට පැමිණ ඇති මෙම දරුවා, දුම්රියෙන් බැසීමේදී වේදිකාව දෙසට නොව අනෙක් පසින් වූ දුම්රිය මාර්ගයට බැස ඇත. එම අවස්ථාවේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි සීඝ්‍රගාමී දුම්රියේ ඔහු ගැටී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.