මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසන පරිශ්‍රයේදී ‘ඩක්කුවක්’ කඩා වැටීමේ සිද්ධියෙන් තුවාල ලබා කුරුණෑගල මූලික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් භික්ෂූන් වහන්සේ නමක් අපවත් වී තිබේ. රෝහල් ආරංචි මාර්ගවලට අනුව, එම ස්වාමීන් වහන්සේ අද (28) දින උදෑසන මෙලෙස අපවත් වී ඇත.
මෙම අපවත්වීමත් සමග නා උයන ඛේදවාචකයෙන් මෙතෙක් අපවත් වූ සමස්ත භික්ෂූන් වහන්සේලාගේ සංඛ්‍යාව අටක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
මීට පෙර අපවත් වූ ස්වාමීන් වහන්සේලාගෙන් සිව් නමකගේ අවසන් කටයුතු ඊයේ (27) දිනයේ මැල්සිරිපුර, පන්සියගම පොදු සුසාන භූමියේදී සිදුකරන ලදී.
මේ අතර, කුරුණෑගල මූලික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් භික්ෂූන් වහන්සේ නමක් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා ඇත්තේ ඊයේ (27) රාත්‍රියේදීය.
Comments
Post a Comment
Your comment will be visible after approval