ටී-ෂර්ට් නිෂ්පාදනාගාරයක් ලෙස පවත්වාගෙන ගිය ස්ථානයක මුවාවෙන් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් පවත්වාගෙන ගිය පුද්ගලයින් දෙදෙනෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම වැටලීමේදී සැකකරුවන් සතුව තිබී හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් පහක්
සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් ලක්ෂයක මුදලක් පොලිස් භාරයට ගෙන ඇත.ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත මහතා වෙත ලද තොරතුරක් මත මෙම ජාවාරම පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබේ. ඒ අනුව, පොලිස් උපාය දූතයෙකු යොදවා සැකකරුගෙන් හෑෂ් මත්ද්‍රව්‍ය පැකට්ටුවක් මිලදී ගෙන ඇති අතර, එම ගනුදෙනුවෙන් අනතුරුව පළමු සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.
ප්‍රධාන සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී,
රත්මලාන ප්‍රදේශයේ මාසිකව රුපියල් 30,000ක කුලී පදනම මත ලබාගත් නිවසක් මෙම ජාවාරමේ මධ්‍යස්ථානය ලෙස භාවිත කර ඇති බවට තොරතුරු හෙළිදරව් වී ඇත. වහාම ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම එම නිවස පරීක්ෂා කිරීමේදී එහි අල්මාරියක සූක්ෂම ලෙස සඟවා තිබූ හෑෂ් කිලෝග්‍රෑම් එකක පාර්සලයක් සොයාගෙන තිබේ. එම අවස්ථාවේ නිවසේ රැඳී සිටි අනෙක් සැකකරුද හෑෂ් ග්‍රෑම් පහක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත් රත්මලාන ප්‍රදේශයේම පදිංචිකරුවන් වන මෙම සැකකරුවන් ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදුකරන බව ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත මහතා වැඩිදුරටත් පැවසීය.
Comments
Post a Comment
Your comment will be visible after approval