ලාෆ්ස් හෝල්ඩින්ග්ස් සමාගමේ 40%ක කොටස් ප්‍රමාණයක් මිලදී ගැනීම තුළින් ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සිය ව්‍යාපාර ජාලය තවදුරටත් පුළුල් කර තිබෙන බවට ඩේලි එෆ්ටී පුවත්පත වාර්තා කළේය.
ඒ අනුව ලාෆ්ස් සමාගමේ සම නිර්මාතෘවරයෙකු සහ උප සභාපතිවරයෙකු වන තිලක් ද සිල්වා මහතාගෙන් ධම්මික පෙරේරා මහතා විසින් මෙම කොටස් ප්‍රමාණය මිලදී ගෙන ඇති අතර තවත් 10%ක කොටස් ප්‍රමාණයක් ද නුදුරේදීම මිලදී ගැනීමට නියමිත බව එම වාර්තාවේ සඳහන් වේ.
මීට පෙර ධම්මික පෙරේරා මහතා රුපියල් බිලියන 3.2ක මුදලකට ඊස්ට්-වෙස්ට් ප්‍රොපටීස් පීඑල්සී සමාගමද, වැලිබෙල් එක්ස් ආයතනය හරහා ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක මුදලකට ඩී.එච්.ටී සිමෙන්ති සමාගමද මිලදී ගනු ලැබීය.
ධම්මික පෙරේරා මහතා ලාෆ්ස් සමාගමට එක්වීම ආක්‍රමණයක් නොව සහයෝගීතාවයක් ලෙස සැලකිය යුතු බව ලාෆ්ස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වේගපිටිය මහතා පැවසූ බවද එම පුවත්පත වාර්තා කළේය.
1995 වසරේදී ආරම්භ කරන ලද ලාෆ්ස් හෝල්ඩින්ග්ස් සමාගම වර්තමානය වන විට කර්මාන්ත 25කට අධික ප්‍රමාණයක ක්‍රියාත්මක වන අතර සේවකයන් 3,500ක් පමණ සේවය කරයි. ලාෆ්ස් සමාගමේ වාර්ෂික පිරිවැටුම රුපියල් බිලියන 160ක් ඉක්මවන අතර බංග්ලාදේශය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, එක්සත් ජනපදය සහ නෙදර්ලන්තය යන රටවලද විදේශ මෙහෙයුම් පවත්වාගෙන යයි.
Comments
Post a Comment
Your comment will be visible after approval