අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති සහ ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසන්නේ, තමාට අයත් සුදු අරලිය හෝටල් භූමියේ නීත්‍යනුකූල නොවන කොටසක් ඇති බවත්, එම වැට මායිම් තමන් විසින්ම ගලවා දමා අලුතින් හෝටලයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවත්ය. හිඟුරක්ගොඩ නගරයේ ව්‍යාපාරිකයන් දැනුවත් කිරීමේ රැස්වීමකට සහභාගී වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
සිරිසේන මහතා සඳහන් කළේ, සමහරු තමා ආණ්ඩුවේ ගුණ ගයන්නේ සුදු අරලිය හෝටලයේ වැට ගැලවීම නතර කරගැනීමට යැයි පැවසුවද, තමා ආණ්ඩුවේ ගුණ ගයන්නේ නැති බවයි. "සුදු අරලිය හෝටලයේ වැට විතරක් නෙවෙයි, මුළු හෝටලයම ඩෝසර් කරලා අලුතින් හෝටලයක් හදන්න මම සැලසුම් කරලා තියෙන්නේ. ඒ නිසා හෝටලයේ වැට ආණ්ඩුවෙන් ගලවන්න කලින් මමම ඒක ගලවනවා. හැබැයි මට විතරක් නීතිය ක්‍රියාත්මක වෙනවා ද දන්නේ නෑ," යනුවෙන් ඔහු පැවසීය.
තමන් රටේ නීතියට අනුව කටයුතු කරන බවත්, ව්‍යාපාර දියුණු කිරීම සඳහා කැසිනෝ, බූරු හෝ වෙනත් වංචනික ක්‍රියා නොකළ යුතු බවත් ඔහු අවධාරණය කළේය. ඔහු තවදුරටත් කියා සිටියේ, ව්‍යාපාරිකයෙක් ලෙස සේවක සුබසාධනය සඳහා අනිවාර්යයෙන්ම කටයුතු කළ යුතු බවත්, එසේ කළ නොහැකි නම් ව්‍යාපාර නොකළ යුතු බවත්ය. සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්ති භාරකාර අරමුදල් අනිවාර්යයෙන්ම ගෙවිය යුතු බව ද ඔහු පෙන්වා දුන්නේය.
රටේ පවතින ආර්ථික තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් සිරිසේන මහතා කියා සිටියේ, රජය විසින් මේ වසරේ බදු එකතු කිරීමේ ඉලක්කය රුපියල් බිලියන 4529ක් ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබා දී ඇති බවයි. මේ වන විට මුල් මාස හය තුළ රුපියල් බිලියන 2500කට වඩා වැඩි ආදායමක් උපයා ඇති බැවින්, වසර අවසානය වන විට ඉලක්කය ඉක්මවා යනු ඇතැයි විශ්වාස කරන බව ඔහු පැවසීය.
"ආණ්ඩුව හෙට කඩාවැටෙයි, දෙසැම්බර් වල කඩාවැටෙයි කියලා සමාජ මාධ්‍යවල පළ වෙනවා. නමුත් මේ ආණ්ඩුව කඩාවැටෙන්නේ නැහැ. මීට පෙර බදු ගෙවූ අය පමණක් නොව, අලුතින් බදු නොගෙවූ අයත් දැන් බදු ගෙවනවා," යනුවෙන් ප්‍රකාශ කළ ඩඩ්ලි සිරිසේන මහතා, තමාට දේශපාලන ලේබලයක් වැදී ඇති බවත්, එය නිදහසේ ගමනක් යාමට බාධාවක් වී ඇති බවත් සඳහන් කළේය. එසේ වුවද, ආණ්ඩුවට "කඩේ යෑමක්" ලෙස පෙනුණද තමා සෑම විටම ඇත්ත කතා කරන බව ද ඔහු කියා සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval