ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයේ සිදුවූ බස් අනතුරේදී බේරාගැනීමේ මෙහෙයුමට එක්ව සිටියදී තුවාල ලැබූ යුද හමුදා දෙවන විශේෂ කාර්ය බලකායේ සාමාජික මදුෂාන් බණ්ඩාර මහතා, අනතුර සිදුවූ ආකාරය සහ තුවාලකරුවන් බේරාගත් අයුරු විස්තර කළේය.
ඔහු පවසන්නේ, තමා නිවාඩු පැමිණ සිටි අවස්ථාවේදී දුරකථන ඇමතුමකින් අනතුර පිළිබඳ දැනගත් බවයි. වහාම යහළුවන් දෙදෙනෙකු සමඟ යතුරුපැදියකින් අනතුර සිදුවූ ස්ථානයට ගිය ඔහු, අනතුර සිදුවූ ප්‍රපාතයට බැසීමට අපහසු වූ නිසා කඹ දමන ලෙස කෑගසා ඉල්ලා සිටි බව සඳහන් කළේය.
හමුදාවේ සහ අවට සිටි ජනතාවගේ සහයෝගයෙන් කඹ දෙක තුනක් යොදාගෙන තමා පහළට බැසගත් බවත්, එම අවස්ථාවේදී විශාල පිරිසක් පැමිණ සිටි බවත් ඔහු කියා සිටියේය.
ඔවුන් මුලින්ම පණ ඇති පුද්ගලයන් බේරාගැනීමට මුල් තැන දුන් බවත්, ඔවුන්ට හදිසි ප්‍රථමාධාර ලබා දී රෝහල් වෙත යැවූ බවත් ඔහු පැවසීය. මෙම මෙහෙයුමේදී තුවාලකරුවන් තිදෙනෙකු සහ මළ සිරුරක් උඩට ගත් බවත්, තවත් තුන් හතර දෙනෙකුට හදිසි ප්‍රථමාධාර ලබා දී යැවූ බවත් ඔහු සඳහන් කළේය.
මෙම කටයුතු සිදු කරමින් සිටියදී ගලක් කඩා වැටීමෙන් තමාට තුවාල සිදු වූ බවත්, අනෙක් අය විසින් තමා බදුල්ල රෝහලට ඇතුළත් කළ බවත් ඔහු කියා සිටියේය. ඔහුගේ ඇස ආසන්නයේ ප්‍රදේශයට තුවාල සිදු වී ඇති අතර, මේ වන විට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ඔහු පැවසීය. මිනිසුන් රෝහලට පැමිණ ස්තූති කර යන බවත්, අනතුර පිළිබඳව තමාට මහත් දුකක් දැනෙන බවත් ඔහු සඳහන් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval