people-who-jumped-ship-from-india-to-sri-lanka-were-left-stranded-on-the-sandy-island

 ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන බවට පවසා මිනිස් ජාවාරම්කරුවන් විසින් තලෙයිමන්නාරම ආසන්නයේ පිහිටි සත් වන වැලිපර දූපතේ දමා ගොස් සිටි පුද්ගලයන් හය දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරාගෙන තිබේ. පසුගිය සැප්තැම්බර් මස 13 වන දින

සිදුකළ මෙම මුදාගැනීමෙන් අනතුරුව එම පිරිස වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලිසිය වෙත භාර දී ඇත.

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට ලද තොරතුරක් මත මෙම සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර තිබිණි. නාවික හමුදාව එම ස්ථානයට ළඟා වන විට මෙම පිරිස සෞඛ්‍යමය වශයෙන් පීඩාවට පත්ව, දැඩි අපහසුතාවෙන් පසුව ඇති බව වාර්තා වේ.

වයස අවුරුදු 08ත් 56ත් අතර වයස්වල පසුවන මෙම කණ්ඩායම අතර කාන්තාවන් සහ කුඩා දරුවකු ද සිටි බව සඳහන්ය.

නාවික හමුදාව විසින් අදාළ පුද්ගලයන්ට අවශ්‍ය ප්‍රථමාධාර ලබා දී සිදුකළ මූලික ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් වව්නියාව, මඩු සහ කොක්කඩිචෝල ප්‍රදේශවල පදිංචිකරුවන් බවට අනාවරණය වී තිබේ. මිනිස් ජාවාරම්කරුවන් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවේ සිට ඔවුන්ව මෙරටට ගෙන එන බවට පොරොන්දු වී මෙම පාළු වැලිපරය මත අතරමං කර ගොස් ඇති බවට වැඩිදුර විමර්ශනවලදී හෙළිවී ඇත.



gossiplanka image 2