හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ප්‍රභාත් ගම්මන්පිල වෙනුවෙන් වෙනත් කෙනෙකු ඊයේ (01දා) අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ගොනු කළේ තමාව අත්අඩංගුවට ගැනීමෙන් වළකන ලෙස ඉල්ලමිනි. ඔහු තායිලන්තයේ සිට නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිිපත් කරමින් තමන්ව අත්අඩංගුවට ගැනීම වළකන නියෝගය අයැද සිටියේ ජාතීන් අතර වෛරය සහ ද්වේශය ඇති කෙරෙන ආකාරයේ ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන්
නීතඥ අචලා සෙනෙවිරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කිරීමත් සමග බව වැඩිදුරටත් වාර්තා වේ.
මේ වන විට තායිලන්තයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටින උදය ගම්මන්පිල මහතා ඇටෝර්නි බලපත්‍රයක් මඟින් ලබාදුන් අවසරය මත ඔහු වෙනුවෙන් කොළඹ 10 පදිංචි කහටපිටිය කංකානම්ලාගේ සන්දනන් නාලක පෙරේරා මහතා විසින් නීතිඥ අනුෂා සේරසිංහ මෙනෙවිය මඟින් එම පෙත්සම ගොනුකර තිබේ.
එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනවිරත්න, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර හා ආගමන විගමන පාලකවරයා ඇතුළු හයදෙනකු නම්කර තිබේ.
තමා ජාතික පුවත්පතකට හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න අත්අඩංගුවට ගැනීම ගැන ලබාදුන් සම්මුඛ සාකච්ඡාවක් දඩමීමා කරගෙන අනීතික ආකාරයෙන් අත්අඩංගුවට ගෙන ඇප නොදී දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ සූදානමක් පවතින බැවින් සිය පෙත්සම විභාගයට ගෙන අවසන් තීන්දුවක් ලබාදෙනතුරු ශ්‍රී ලංකාවට පැමිණීමේදී හෝ පැමිණි පසු අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි හෙතෙම එමඟින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.
තමාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ වෙනත් විමර්ශන අංශයක් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට හෝ වෙනත් මහෙස්ත්‍රාත් අධිකරණයක් හමුවේ පෙර කී කරුණු සම්බන්ධයෙන් ගොනුකර ඇති බී වාර්තා අභියාචනාධිකරණයට කැඳවන ලෙසත් එකී බී වාර්තා ප්‍රකාරව ඉදිරියට කටයුතු කිරීම වළක්වන ලෙසත් උදය ගම්මන්පිල මහතා එමඟින් වැඩිදුරටත් ඉල්ලා තිබේ.
පිල්ලෙයාන්ගේ නීතිඥයා ලෙස පෙනී සිටි හිටපු ඇමති උදය ප්‍රභාත් ගම්මන්පිල ගැන ඇතැම් මධ්‍ය ආරංචි පළ කර ඇත්තේ ඔහු මේ වනවිට රටින් පලාගොස් ඇති බවටය.
Comments
Post a Comment
Your comment will be visible after approval