ඕස්ට්‍රේලියාවේ ප්‍රබල වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක්, සිය ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් දිවිය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමේ අරමුණින්, විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ක්ෂණිකව ක්‍රියාත්මක වන පරිදි සමුගන්නා බව අද (02) නිවේදනය කළේය.
"ටෙස්ට් ක්‍රිකට් යනු සෑම විටම මාගේ ඉහළම ප්‍රමුඛතාවයයි," යනුවෙන් 35 හැවිරිදි ස්ටාක් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළ අතර, මෙම තීරණයත් සමඟ ලබන වසරේ පෙබරවාරි-මාර්තු මාසවල පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට ඔහු ක්‍රීඩා නොකරනු ඇත.
විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 65කදී ඕස්ට්‍රේලියාව නියෝජනය කර ඇති ඔහු, 2021 වසරේදී ලෝක ශූරතාව දිනාගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සාමාජිකයෙකු විය. ඔහු දවාගෙන ඇති කඩුලු 79, ඇඩම් සම්පාට පසුව ඕස්ට්‍රේලියාව වෙනුවෙන් එම ආකෘතියේ දෙවැනියට වැඩිම කඩුලු සංඛ්‍යාව ලෙස සටහන් වේ.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඉන්දීය ටෙස්ට් තරග සංචාරයක්, මේ වසර අගදී ආරම්භ වන අළු බඳුන තරගාවලියක් සහ 2027 එක්දින ලෝක කුසලානයක් වැනි කාර්යබහුල කාලසටහනක් හමුවේ ශරීර යෝග්‍යතාව ඉහළ මට්ටමක පවත්වා ගනිමින් එම තරගාවලි සඳහා උපරිම දායකත්වය ලබාදීමට මෙම තීරණය ඉවහල් වනු ඇති බව ස්ටාක් පෙන්වා දෙයි.
මෙම තීරණය මගින් ඉදිරි විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සූදානම් වීමට නවක පන්දු යවන්නන්ට අවස්ථාව සහ කාලය ලැබෙනු ඇතැයි ද ඔහු සඳහන් කළේය. නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියානු සංචිතය නම් කරන අවස්ථාවේදීම ඔහුගේ මෙම නිවේදනය නිකුත් වීම විශේෂත්වයකි.
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ටොඩ් ග්‍රීන්බර්ග් පැවසුවේ, "ලබන වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයට නවක වේග පන්දු යවන්නන්ට පැහැදිලි මාවතක් විවර කර දීම, ස්ටාක් විසින් කණ්ඩායමට මුල්තැන දීමේ තවත් උදාහරණයක්" බවයි.
තේරීම් කමිටු සභාපතිjrhd සඳහන් කළේ, "මිචෙල් ස්ටාක් සිය විස්සයි විස්ස ක්‍රිකට් දිවිය පිළිබඳව ඉමහත් ආඩම්බර විය යුතුයි. ඔහු 2021 ලෝක ශූර කණ්ඩායමේ අත්‍යවශ්‍ය සාමාජිකයෙකු වූ අතර, කඩුලු දවා ගනිමින් තරග ජයග්‍රහණය කරවීමේ සුවිශේෂී හැකියාවක් ඔහු සතු විය," යනුවෙනි.
Comments
Post a Comment
Your comment will be visible after approval