
බාල වයසේ දරුවන් කෲර වධ හිංසනයන්ට ලක් කරන බවට පැවසෙන දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් සම්බන්ධයෙන් මාතලේ මුලස්ථාන පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. මාතලේ පිහිටි මෙම දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ රැකවරණය ලබන දරුවෙකුගේ වියරම්කරු විසින් මෙම පැමිණිල්ල සිදුකර ඇත.
නීතිඥවරයෙකු වන මාතලේ අතිරේක ඉඩම් රෙජිස්ට්‍රාර් අසංක රත්නායක මහතා මාතලේ මුලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර, එහි සාධාරණයක් ඉටු නොවන බවට චෝදනා කරයි.
මෙම දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ දරුවන් 20 දෙනෙකු පමණ සිටින බවත්, ඔවුන්ට පහර දීම, විශාල බත් ගුලි බලහත්කාරයෙන් කටට එබීම වැනි කෲර හිංසන සිදුවන බවත් පැමිණිල්ලේ සඳහන් වේ.
එමෙන්ම දරුවන්ගේ සනීපාරක්ෂාව පිළිබඳව ද සැලකිලිමත් වී නොමැති බව හෙළි වී ඇත. ඇතැම් දරුවන්ගේ මුඛය අවට තුවාල පවා දක්නට ලැබී ඇති බව පැමිණිලිකරු පවසයි. මෙම වධ හිංසනයන් සිදුකරනු ලබන්නේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ ප්‍රධාන පාලිකාව විසින් බවත්, සහාය පාලිකාවන් මේ සඳහා සම්බන්ධ නොවන බවත් පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මෙම චෝදනා සම්බන්ධයෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ පාලිකාවන්ගෙන් කළ විමසීමකදී ඔවුන් පවසා ඇත්තේ පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බැවින් අවශ්‍ය තොරතුරු පොලීසියෙන් ලබා ගන්නා ලෙසයි. මේ පිළිබඳව මාතලේ මුලස්ථාන පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවත්, දෙපාර්ශ්වයටම අවශ්‍ය පරිදි කටයුතු කිරීමේ හැකියාවක් නොමැති බවත්ය.
Comments
Post a Comment
Your comment will be visible after approval