tourist-found-dead-in-hatton-hotel-room

 හැටන්, කොටගල ප්‍රදේශයේ සංචාරක හෝටලයක නැවතී සිටි පුද්ගලයකු කාමරය තුළ මියගොස් ඇති බව දිඹුල පතන පොලිසිය පවසයි.



මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි රියන්සි පිල්ලේ නමැති අයෙකි. ඔහු මිතුරකු සමඟ සංචාරයක් සඳහා කොටගල ප්‍රදේශයට පැමිණ තිබේ.



අගෝස්තු 05 වැනි දින පස්වරුවේ මිතුරකු සමඟ සංචාරක හෝටලයට පැමිණි මියගිය පුද්ගලයා එම හෝටලය තුළදී මත්පැන් පානය කර ඇති බව වාර්තා වේ. අනතුරුව ඔහු හෝටලය තුළ බිම ඇද වැටෙන අයුරු එහි සවිකර තිබූ ආරක්ෂක කැමරාවල සටහන් වී තිබුණි.



බිම වැටීමෙන් පසු යළිත් කාමරය වෙත ගිය ඔහු අගෝස්තු 06 වැනි දින අලුයම අවදි නොවූ නිසා හෝටලයේ සේවකයකු ඒ පිළිබඳව දිඹුල පතන පොලිසියට පැමිණිලි කර ඇත. ඒ අනුව පොලිසිය පැමිණ සිදුකළ පරීක්ෂණවලදී එම පුද්ගලයා මියගොස් ඇති බව සොයාගෙන තිබේ.

මියගිය පුද්ගලයාගේ සිරුර සම්බන්ධයෙන් අගෝස්තු 06 වැනි දින පස්වරුවේ මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්විණි. එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙසයි.



gossiplanka image 1