dehiwala-hippopotamus-couple-have-a-baby

 සත්ව හුවමාරු වැඩසටහන යටතේ චෙක් ජනරජයේ ප්‍රාග් සත්වෝද්‍යානයෙන් 2012 දී දෙහිවල ජාතික සත්වෝද්‍යානයට ගෙන එනු ලැබූ “නෙලා” හා “හියුබට් ” යන අප්‍රිකාව නිජබිම කරගත් නයිල් හිපපොටේමස්

යුවළට දාව පැටවකු ඉකුත් දා උපත ලැබීය . අලුත උපන් හතරවන “නයිල් හිපපොටේමස්” පැටවා සත්වෝද්‍යානයේ හිපෝ පවුලේ පස්වන සාමාජිකයා වන අතර මෙම පැටවා සිය මව සමග මහජනතාවට සත්වෝද්‍යානය එම විශේෂ නිදහස් කලාපයේදී දැක බලා ගැනීමට ප්‍රදර්ශනයට ඉදිරිපත් කර ඇත.


එසේම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව දකුණ මුහුදු තීරයේදී මීට වසරකට පමණ පෙර අනවසරයෙන් බෝට්ටුවකින් ප්‍රවාහනය කරමින් සිටි සතුන් අතර සිටි යෝධ ඉබි පැටවා නාවික හමුදාව මගින් ජාතික සත්වෝද්‍යානය වෙත ලබා දෙනු ලැබූ අතර, දැනටත් සත්වෝද්‍යානය තුළ සිටින අවුරුදු 153 ක් වයසැති එකම යෝධ ඉබ්බා සමග මහජනතාවට දැක බලා ගැනීමට අවස්ථාව ලබා දී ඇති බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සත්ව සෞඛ්‍ය හා පෝෂණ වෛද්‍ය ධම්මිකා දසනායක මහත්මිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවැසුවාය.



gossiplanka image 1