කොළඹ නගරයට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග අද (26) පෙරවරුවේ මරදාන ඕල්කට් මාවත ටෙක්නිකල් හන්දිය ආසන්නයේදී මගී බස් රථයක් මතට විශාල ගසක් කඩා වැටීමෙන් එම ප්‍රදේශයේ ගමනාගමනයට දැඩි බාධා එල්ල විය. දුම්රිය මූලස්ථානය ආසන්නයේ ඕල්කට් මාවතේ සිදු වූ මෙම අනතුරින් වාහනයේ ගමන් ගත් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති බව වාර්තා වේ.
ගස කඩා වැටීම හේතුවෙන් මාර්ගයේ එක් මංතීරුවක් සම්පූර්ණයෙන්ම අවහිර වූ අතර, කොළඹ නගර මධ්‍යයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබිණි. මේ තත්ත්වය මත විශේෂයෙන් කාර්යාල සේවා සඳහා නගරයට පැමිණි ජනතාව දැඩි අපහසුතාවකට පත් වූ අතර, කොළඹින් පිටවීම සඳහා විකල්ප මාර්ග භාවිත කිරීමට රියදුරන්ට සිදු විය.
Comments
Post a Comment
Your comment will be visible after approval