New Update
අධිකරණයට ඉදිරිපත් කළ පසු ලබන 23 දක්වා සමන්ලාල් මහතා රිමාන්ඩ් කර තිබේ
Previous update
 මහ නගර සභාවේ හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතාව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

2013 වර්ෂයේදී ක්‍රියාත්මක වූ 'මග නැගුම' නාගරික හා ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහනට අදාළ කොන්ත්‍රාත් 112ක් ප්‍රජා පාදක සමිති 12කට ලබාදීමේදී සිදු වූ බව කියන දූෂණ ක්‍රියාවක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

කොන්ත්‍රාත් ලබා දුන් සමිතිවලට හැර, වෙනත් පාර්ශවයන් වෙත නීති විරෝධී ලෙස මුදල් ගෙවීම සහ ව්‍යාපෘති සඳහා අයුතු ලෙස මැදිහත් වීම හේතුවෙන් මෙම දූෂණය සිදු කර ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.