ඉදිරි ICC කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සංචිතය ප්‍රකාශයට පත් කර තිබේ. සැප්තැම්බර් 30 වැනිදා ආරම්භ වීමට නියමිත මෙම තරගාවලිය සඳහා අත්දැකීම් බහුල ක්‍රීඩිකාවන් රැසක් කණ්ඩායමට ඇතුළත් කර ඇත.
පළපුරුදු තුන් ඉරියව් ක්‍රීඩිකා චමරි අතපත්තු නායිකාව ලෙස නම් කර ඇති අතර, හර්ෂිතා සමරවික්‍රම, නිලක්ෂිකා සිල්වා සහ අනුෂ්කා සංජීවනී යන පළපුරුදු ක්‍රීඩිකාවන් තිදෙනා ඇයට සහාය දැක්වීමට සූදානමින් සිටී.
ශ්‍රී ලංකා සංචිතය:
චමරි අතපත්තු (නායිකා), හසිනි පෙරේරා, විෂ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, කවිෂා දිල්හාරි, නිලක්ෂි ද සිල්වා, අනුෂ්කා සංජීවනී, ඉමේෂා දුලානි, දෙව්මි විහඟා, පියුමි වත්සලා, ඉනෝකා රණවීර, සුගන්ධිකා කුමාරි, උදේශිකා ප්‍රබෝධනී, මල්කි මදාරා, අචිනි කුලසූරිය.

Comments
Post a Comment
Your comment will be visible after approval