අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2026 වසරේ පැවැත්වීමට නියමිත ප්‍රධාන විභාග කිහිපයක දිනයන් පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ දෙමාපියන් දීර්ඝ කාලයක් තිස්සේ අපේක්ෂාවෙන් සිටි එම විභාග කාලසටහන නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.
නව නිවේදනයට අනුව, 2025 වසරට අදාළව පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2026 වසරේ පෙබරවාරි 17 වන දින සිට පෙබරවාරි 26 වන දින දක්වා පැවැත්වීමට නියමිතය. එමෙන්ම, අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2026 අගෝස්තු 10 වන දින සිට සැප්තැම්බර් 05 වන දින දක්වා පැවැත්වීමට නියමිත බවද සඳහන් වේ.
මීට අමතරව, 2026 වසරට අදාළව පැවැත්වෙන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 09 වන දින පැවැත්වෙන අතර, 2026 වසරේ සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මස 08 වන දින සිට දෙසැම්බර් 17 වන දින දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇත. මෙම විභාග දිනයන් ප්‍රකාශයට පත් කිරීම, අදාළ විභාග සඳහා සූදානම් වන සිසුන්ගේ අධ්‍යාපන කටයුතු නිසි පරිදි සැලසුම් කර ගැනීමට වැදගත් වනු ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval