airport-chief-security-officer-arrested-for-hiding-a-stash-of-gold-biscuits-under-his-feet

 කටුනායක ගුවන්තොටුපොළේදී රුපියල් මිලියන 210කට අධික වටිනාකමකින් යුත් රන් බිස්කට් තොගයක් සඟවාගෙන විදෙස්ගත වීමට උත්සාහ කළ ගුවන් තොටුපළට අනුයුක්ත ජ්‍යෙස්ඨ ආරක්ෂක නිලධාරියෙකු අද (14) උදෑසන රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.



අත්අඩංගුවට ගත් සැකකරු 54 හැවිරිදි වියේ පසුවන අතර, ඔහු මීගමුව, කඳවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම පුද්ගලයා විශේෂ පටි යොදාගෙන රත්‍රං බිස්කට් 51ක් තම දෙපාවල සවිකර, මේස් වලින් ආවරණය කරමින් ගුවන්තොටුපොළේ විශේෂ පිටවීමක් ඔස්සේ පිටව යාමට උත්සාහ කර ඇත.



අද උදෑසන 6.50ට පමණ සැකකරු අත්අඩංගුවට ගත් බව රේගු නිලධාරීහු පවසති. මෙම රත්‍රං තොගයේ සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 5ක් සහ ග්‍රෑම් 941ක් වන අතර, එහි ඇති රත්‍රං බිස්කට් සියල්ලම කැරට් 24ක් ලෙස සඳහන් වේ. මෙම රත්‍රං තොගය වෙනත් පුද්ගලයෙකු විසින් සැකකරුට ලබා දී ඇති බවට සැක කෙරේ.

සැකකරු දිගු කලක් තිස්සේ මෙවැනි ජාවාරම්වල නිරතව සිටින්නට ඇති බවට ද රේගු නිලධාරීහු සැක පළ කරති. කටුනායක රේගු නිලධාරීන් විසින් සැකකරු මේ වන විට රඳවාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

gossiplanka image 1


gossiplanka image 3
gossiplanka image 4


gossiplanka image 5