තායිලන්තයේ 21 හැවිරිදි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්, කාන්තාවන්ගේ රහසිගත වීඩියෝ ජංගම දුරකථනයෙන් පටිගත කිරීම නිසා වෙළෙඳ සංකීර්ණයක සිව්වන මහලෙන් බිමට පැන සියදිවි හානිකරගත් සිදුවීමක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම සිද්ධිය තායිලන්තයේ නොන්තබුරි ප්‍රාන්තයේ ප්‍රසිද්ධ වෙළෙඳ සංකීර්ණයක දී පෙරේදා (12) සිදුවී තිබේ. මෙසේ මියගොස් ඇත්තේ පොන්නාබොක් නම් විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි. ඔහු සිව්වන මහලෙන් බිමට පැනීම නිසා ලේ විලක් මැද ඇද වැටී ඇති අතර ඔහුගේ දකුණු පාදයේ වළලුකර ආශ්‍රිතව තිබූ අස්ථියක් කැඩී විකෘති වී තිබී ඇත.
සිද්ධිය වූ වහාම වෙළෙඳ සංකීර්ණයේ කාර්ය මණ්ඩලය හදිසි ප්‍රථමාධාර ලබාදීමට උත්සාහ කළ අතර ආරක්ෂක නිලධාරීන් එම ස්ථානයට පිවිසීම සීමා කළේය. පොන්නාබොක් වහාම රෝහලට ඇතුළත් කළ නමුත් ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මියගොස් ඇත.
සිද්ධිය ඇසින් දුටු අයෙකු පවසා ඇත්තේ පොන්නාබොක් නමැති මෙම ශිෂ්‍යයා කාන්තාවකගේ සාය යට වීඩියෝ කිරීමෙන් මෙම සිද්ධිය ආරම්භ වූ බවයි.
එහි දී එම කාන්තාව මහ හඬින් උදව් ඉල්ලා කෑගසා ඇති අතර වහාම පැමිණි ආරක්ෂක නිලධාරීන් ඔහුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමට සූදානම් වී තිබේ. අනතුරුව තමාට වරදක් වූ බව වටහාගත් ඔහු බියෙන් කලබල වී තම අයිපෑඩය සහ බෑගය විසි කර සිව්වන මහලෙන් බිමට පැන ඇත.
පොන්නාබොක්ගේ දෙමව්පියන් පවසා ඇත්තේ සිද්ධියට පෙර තම පුතා දුරකථනයෙන් අමතා කලකිරීමකින් කථා කර ඇති බවයි.
පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශනවල දී මෙය සියදිවි හානිකර ගැනීමක් බවට තහවුරු වී ඇති අතර, CCTV දර්ශනවල සිද්ධියට පෙර මිනිත්තු හතත් අටත් අතර කාලයක් ඔහු කළ සංවාද සහ ගොඩනැගිල්ලෙන් බිමට පැනීමේ සිද්ධිය ද වාර්තා වී තිබේ. පොලිසිය ඇසින් දුටු සාක්ෂිකරුවන් හත් දෙනෙකුගෙන් ප්‍රශ්න කර ඇති අතර මියගිය ශිෂ්‍යයාගේ අයිපෑඩය පරීක්ෂා කිරීමෙන් පසු එහි තිබී රහසිගතව රූගත කරන ලද වීඩියෝ අටක් ද සොයාගෙන ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval