ශ්‍රී ලංකා මහ බැංකුවේ 75 වන සංවත්සරය සැමරීම නිමිත්තෙන් නිකුත් කරන ලද රුපියල් 2,000 වටිනාකමකින් යුත් නව සමරු මුදල් නෝට්ටුව, වාණිජ බැංකු හරහා ක්‍රමානුකූලව සංසරණයට එක් කරන බව මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
මෙම නව මුදල් නෝට්ටුව 2025 අගෝස්තු 29 වන දින නිල වශයෙන් නිකුත් කරනු ලැබූවකි. නව නෝට්ටුවට ගනුදෙනු කළ හැකි වන පරිදි, බලපත්‍රලාභී වාණිජ බැංකු මේ වන විට සිය මුදල් හැසිරවීමේ යන්ත්‍ර (Cash-handling machines) ක්‍රමාංකනය කිරීමේ (Calibration) ක්‍රියාවලියක නිරතව සිටින බව මහ බැංකුව පවසයි.
එම ක්‍රමාංකන කටයුතුවල ප්‍රගතියට සමගාමීව, නව නෝට්ටුව බැංකු ශාඛා ඔස්සේ මහජනතාව වෙත නිකුත් කිරීම සිදුවනු ඇත.
මෙම ක්‍රමාංකන ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අවසන් වන තෙක් ගතවන කාලය තුළ මහජනතාව දක්වන සහයෝගය අගය කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවෙන් හෝ මහ බැංකුවේ නිල වෙබ් අඩවිය සහ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ලබා ගත හැකිය.
Comments
Post a Comment
Your comment will be visible after approval