සංචාරකයන් පිරිසකට ප්‍රවාහන පහසුකම් සපයමින් සිටි සංචාරක ආයතනයක කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු විසින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත සෘජුවම දුරකථනයෙන් කළ දැනුම්දීමකට අනුව මෙම වැටලීම ක්‍රියාත්මක කර ඇත.
ඒ අනුව, අධිකාරියේ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලයේ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ ආපන ශාලාව පරීක්ෂාවට ලක් කර තිබේ.
එහිදී රුපියල් 130ක පාලන මිලක් සහිත ලීටර් 1.5 ප්‍රමාණයේ පානීය ජල බෝතලයක් රුපියල් 200කට අධික මිලකට අලෙවි කරන බවට නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇත. මීට අමතරව, ආපන ශාලාවේ අලෙවි කෙරෙන අනෙකුත් සියලුම ආහාර පාන වර්ගද වෙළෙඳපොළ සාමාන්‍ය මිලට වඩා සැලකිය යුතු ඉහළ මිලකට අලෙවි කරන බවට තහවුරු වී තිබේ.
වැටලීමෙන් අනතුරුව ආපන ශාලාවේ කළමනාකරු බැඳුම්කරයක් මත මුදා හැරීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන ඇති අතර, සැප්තැම්බර් මස 11 වන දින නොච්චියාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඔහුට නියෝග කර ඇත.