හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගන්නා බවට යූ ටියුබ් නාලිකාවක් ඔස්සේ කලින් ප්‍රකාශ කිරීමේ සිද්ධියක් මුල් කරගනිමින් සුදත්ත තිලකසිරි නමැත්තාට එරෙහිව විශේෂ පොලිස් විමර්ශනයක් ආරම්භ කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි උදය කුමාර වුට්ලර් මහතා මෙම පරීක්ෂණය පැවැත්වෙන බවට තහවුරු කළේය.
සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස පෙනී සිටින සුදත්ත තිලකසිරි වෙත සපයා තිබූ පොලිස් ආරක්ෂාව ද මේ වන විට ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් තහවුරු කළේය. ඔහුට ආරක්ෂාව සඳහා අනුයුක්තව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා මෙසේ ඉවත් කරගෙන ඇත.
මීට පෙර තිලකසිරි මහතා විසින් තමන්ට විවිධ පාර්ශ්වයන්ගෙන් තර්ජන එල්ල වන බවට කළ ඉල්ලීමක් සලකා බලා ඔහුට පොලිස් ආරක්ෂාව සලසා දී තිබුණි.
කෙසේවුවද, බුද්ධි අංශ විසින් සිදුකරන ලද විමර්ශනවලදී ඔහුට මේ මොහොතේ කිසිදු ආකාරයක තර්ජනයක් නොමැති බවට අනාවරණය වී ඇත. එම බුද්ධි අංශ වාර්තා පදනම් කරගනිමින් ඔහුට ලබාදී තිබූ ආරක්ෂාව ඉවත් කරගත් බව එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval