
ගම්පහ, වීරඟුල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ මළ සිරුරක් පොලිස් භූමියේ රථ ගාලේ තිබී ඊයේ (10) සොයාගෙන තිබේ. ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ චන්දන ශාන්ත මහතා මෙලෙස වෙඩි වැදුණු තුවාල සහිතව මියගොස් සිට ඇත.
මියගොස් සිටි 55 හැවිරිදි නිලධාරියාගේ සිරුර අසල ඔහුගේ රාජකාරි ගිනි අවිය තිබී පොලිසිය විසින් සොයාගෙන ඇති අතර, මෙය සියදිවි නසාගැනීමක් විය හැකි බවට මූලික විමර්ශනවලදී සැක පළ වී තිබේ.
මෙම නිලධාරියා සිය විශ්‍රාම යෑම සඳහා අවශ්‍ය ලිපි ලේඛන භාරදී, පසුව ඒවා නැවත ලබාගෙන තිබූ බවට ද තොරතුරු වාර්තා වේ. කෙසේ වෙතත්, මෙම සිදුවීමට තුඩු දුන් නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර, වීරඟුල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval