
ආගමන හා විගමන පනත යටතේ චෝදනා ලැබ සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබේ.
අදාළ නඩුව අද (21) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ඩයනා ගමගේ මහත්මිය අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කෙරිණි. අධිකරණය මගහැර සිටින විත්තිකාරියට අමතරව, ඇයගේ ඇපකරුවන් වෙතද නොතීසි නිකුත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළාය.
Comments
Post a Comment
Your comment will be visible after approval