did-selvis-sons-or-welle-saranga-kill-peliyagoda-prabhu-extensive-investigations

 පෑලියගොඩ මාළු වෙළෙදපොළ බියට පත්කරමින් නාඳුනන අතුවක්කුකරුවන් එල්ල කළ වෙඩි ප්‍රහාරය වැල්ලේ සාරංගගේ පාර්ශ්වයෙන් සිදු වූවක්ද එසේත් නැත්නම් සෙල්වගේ පුතකු වූ පලනි රිමෝෂන්ගේ පැත්තෙන් සිදුකළ එකක්ද යන්න සොයා බැලීම සඳහා පොලිස් කණ්ඩායම් 3ක් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

පෑලියගොඩ මාළු වෙළෙඳපොළ බියට පත්කරමින් නාඳුනන තුවක්කුකරුවන් එල්ල කළ වෙඩි ප්‍රහාරය වැල්ලේ සාරංගගේ පාර්ශ්වයෙන් සිදු වුවක්ද එසේත් නැත්නම් සෙල්වීගේ පුතකු වූ පලනි රිමෝෂන්ගේ පැත්තෙන් සිදු කළ එකක්ද යන්න සොයා බැලීම් සඳහා පොලිස් කණ්ඩායම් 3ක් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.




ඉකුත් 19 වැනිදා උදෑසන යතුරුපැදියක නැඟුණු නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු පෑලියගොඩ ඥානරත්න මාවතේදී දෙනෝදාහක් ඉදිරියේ මෙම වෙඩි තැනීම සිදු කර පලාගොස් තිබිණි. වෙඩි තැබීම සිදු කළේ ටී - 56 ගිනි අවියකින් වන අතර ඒ අනුව මෙම වසර තුළ සිදු කළ 83 වන වෙඩි තැබීම චෙස මෙය පොස් පොතට එක් වි තිබේ. සිද්ධිය වන අවස්ථාවේ ප්‍රදේශයේ විදුලිය විසන්ධි වී තිබූ අතර තුවක්කුකරුවන් පලාගොස් ඇත්තේ ඉන් අනතුරුවය. විමර්ශන නිලධාර්න් පවසන්නේ ඝාතනයට ලක් වූ ප්‍රභූ නමැත්තා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වූ පුකුඩුකන්නාගේ සමීපතමයකු බවය. මේ හේතුව නිසා ප්‍රභූ ඝාතනය වැඩි හරියක්ම බ්ර වී ඇත්තේ සෙල්වී නමැත්තියකගේ පුතකු වන පළනි රිමෝෂන් නමැත්තා වෙතය. ඒ කලක් තිස්සේ සෙල්විගේ පුතුන් සහ පූකුඩු කන්නාගේ පාර්ශ්වය අතර ඇතිව තිබෙන තදබල වෛරය නිසාය. සෙල්වී බොහොමයක් දෙනා හඳුන් වනුයේ කුඩු සෙල්වි නමිනි. ග්‍රෑන්ඩ්පාස්, මෝදර, කොටහේන, මට්ටක්කුලිය ආදී ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන මීට වසර ගණනාවකට පෙර සිට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වූයේ කුඩු සෙල්වි නමැත්තියයි.

කෙසේ වෙතත් තවත් දුවිඩ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වු පුකුඩුකන්නා සමඟ ඇති වූ ගැටුමක් මත කුඩු සෙල්වි මීට වසර කිහිපයකට පෙර වෙඩි තබා මරා දමන ලදී. ඇය මරා දැමීමේ චෝදනාව එල්ල වූයේ පූකුඩු කන්නාටය. ඉන් අනතුරුව සෙල්විගේ සැමියාද වෙඩි තබා මරා දමන්නට තැත් කර තිබිණි. මෙම ගැටුම ටිකෙන් ටික වර්ධනය වීමත් සමග සෙල්විගේ පුතුන් සහ පුකුඩු කන්නා අතරද ආරවුල් ඇති විණි. ඒ මත්ද්‍රව්‍ය ජාවාරම මුල්කරගනිමිනි.


මෙම ගැටුම නිසා ජීවිත ගණනාවක් මේ වන විටත් අහිමි වී තිබේ. කෙසේ වෙතත් සෙල්විගේ පුතුන් මෙන්ම පුකුඩු කන්නාද මේ වන විට සිටින්නේ විදෙස්ගතවය. ඔවුහු එරට රැඳී සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වන අතර වෙඩි  තැබීම සහ මිනිස් ඝාතනද සිදු කරති. ස

ෙල්විගේ පුතුන්ට තවත් ප්‍රබල කල්ලි නායකයකු වූ කංජිනි ඉම්රාන්ගේද සහාය ලැබෙන අතර ඔවුහු එම සහාය උපයෝගි කරගෙන තම මව මරා පියාට වෙඩි තැබූ පාර්ශ්වයේ පුද්ගලයන් එකිනෙකා ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීම් සහ මනුෂ්‍ය ඝාතන සිදු කරති. මීට දින කිහිපයකට පෙර මෝදර ඉබගේ වත්තේ නිවෙසක සඟවා තිබූ ස්වයංක්‍රිය පිස්තෝලයක් කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන් විසින් සොයාගත්තේය. නිවෙසේ සිටි පුද්ගලයාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළි වූයේ විදෙස්ගතව සිටින සෙල්විගේ පුත්තු වන පලනි ඊමෝෂන් විසින් දුරකථන ඇමැතුමක් දී එම ආයුධය එලෙස සඟවා තබන ලෙස උපදෙස් දුන් බවය. ඒ අනුව පොලිසිය සැක කළේ එම පිස්තෝලය ද කිසියම් වෙඩි තැබීමක් සිදු කිරීම සඳහා සඟවා තබන්නට ඇති බවය.


පෙරවාරි 2 වැනිදා කොළඹ 15 සත්හිරු සෙවණ ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීම, පෙබරවාරි 21 වැනිදා කොළඹ කොටහේන වීදියේදී කළ වෙඩි තැබීම, මැයි මස 8 වැනිදා කොටහේන සුත්‍රාරාම මාවතේදී සිදු කළ වෙඩි තැබීමද සෙල්විගේ පුතුන්ගේ පාර්ශ්වයට බැර වූ අතර ශුබ්ධගේ වත්තෙන් හමු වු ස්වයංක්‍රිය පිස්තෝලය තවත් වෙඩි තැබීමක් සඳහා සඟවා තබන්නට ඇතැයි පොලිසිය සඳහන් කළේය. මෙම වෙඩිතැනීම් සියල්ලම එල්ල වුයේ ඔවුන්ගේ මත්දුව්‍ය ජාවාරට එරෙහි වන පුකුඩුකන්නාගේ සමීපතමයන් ඉලක්ක කර ගනිමින්ය. ඒ නිසා පෙරේදා (19දා) උදෑසන පෑලියගොඩ මාළු මාර්කට් එක ආසන්නයේ සිදු කළ වෙඩි තැබීමද බැර වූයේ සෙල් ගේ පුතකු වන පලනිගේ ගිණුමටය. මෙහිදී වෙඩි වැදී මියයන්නේද පලනිගේ විරුද්ධකාරයකු වූ පුකුඩුකන්නාගේ සමීපතමයකු වූ ප්‍රභූ නමැත්තාය. පලනිගේ කොන්ත්‍රාත්තුවක් මත සිදු කළ මෙම වෙඩි තැබීමට තවත් ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවකු වූ කංජිපානි ක්‍රන්ගේ සහාය ලැබී ඇති බව පොලිසිය සැක කරයි. 


විමර්ශන නිලධාරීන් සැකකරන්නේ ප්‍රභූ ඝාතනය කිර්ම සඳහා කුලී වෙඩික්කරුවන් ලබාදී ඇත්තේ කංජිපානි විසින් බවය. එය නිශ්චිත වශයෙන් තහවුරු වී නැතත් විමර්ශන නිලධාර්න් එලෙස සැකයක් ඇති කරගෙන ඇත්තේ පලානින්ගේ පාර්ශ්වය විසින් සිදුකරන වෙඩි තැබීම් වලට කංජිපානිගේ සහාය නොමඳව ලැබීමත් ඔහුද පූකුඩු කන්නාගේ වෛරක්කාරයකු වීමත් නිසාය. මේ අතර ප්‍රභූ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන නිලධාරීන් පවසන්නේ තවත් පැති කඩක් ඔස්සේද විමර්ශන සිදු කරන බවය. ඒ ප්‍රභූ ඝාතනය වැල් සාරංග නමැති සංවිධානාත්මක අපරාධකරු විසින්ද මෙහෙයවා ඇති බවටද තොරතුරු ලැනීම නිසාය.

වැල්ලේ සාරංග ද විදෙස්ගතව සිටිමින් මෙරට අපරාධ මෙහෙය වන සංවිධානාත්මක අපරාධකරුවෙකි. ඉකුත් 21124 වසරේ පෙබරවාරි 21 වැනිදා රාගම මහබාගේ ඇපිටිවල ප්‍රදේශයේදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කරන ලදී. ඒ එම පුද්ගලයා සිය මස් අලෙවිකරන වෙළෙඳසලේ රැඳී සිටියදීය.

විමර්ශනයේදී අනාවරණය වන්නේ එලෙස වෙඩි තබා මරා දමා තිබුණේ වැල්ලේ සාරංග නමැත්තාගේ මස්සිනා බවය.


එදා පටන් වැල්ලේ සාරංගද සිය මස්සිනා ඝාතනය කළ පුද්ගලයන්ට එරෙහිව අවි ඔසවන්නට විය. පසුගියදා වත්තල ඇල්විස්වත්ත ප්‍රදේශයේදී කපා කොටා රොබට් නමැත්තකු ඝාතනය කිරීමද එහි ප්‍රතිඵලයක් බව පොලිසිය කියයි. රොබට් ඝාතනය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේදී අනාවරණය වන්නේ රොබට් එලෙස ඝාතනය කළේ වැල්ලේ සාරංගගේ මස්සිනා මාරූ සිද්ධියට ආධාර අනුබල දීම නිසා බවය. වැල්ලේ සාරංගගේ මස්සිනාගේ ඝාතනයට පොලිස් අත්අඩංගුවට පත් රොබද කලක් බන්ධනාගාරගතව සිට ඇප මත පැමිණි අයෙක් විය. ඉකුත් ජුලි මස 19 වැනි දින ඔහු කපා කොටා ඝාතනය වන්නේ සිය බිරිය ඉදිරියේය. සිද්ධිය සම්බන්ධයෙන් කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පුළුල්  

විමර්ශනයක් ආරම්භ කොට සැකකරුවන් 4 දෙනකු අත්අඩංගුවට ගත්තේය. ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වන්නේ රොබට් කපා කොටා මරා දැමීම වැල්ලේ සාරංගගේ මෙහෙයවීම මත සිදු වූවක් බවය.


එමෙන්ම ප්‍රභූ ඝාතනයද වැල්ලේ සාරංගගේ මෙහෙය වීම මත සිදුවූවක් බවට තොරතුරු විමර්ශන නිලධාරීන්ට ලැබී ඇත. ඒ සාරංගගේ මිස්සිනා ඝාතනයට පුහුද ආධාර අනුබල දී ඇතැයි යන සැකය නිසාය. ප්‍රභූට එල්ල වී තිබුණේ ඝාතනය සඳහා ඔත්තු බැලීමේ චෝදනාය. මේ නිසා පුභූ ඝාතනය වැල්ලේ සාරංගගේ මෙහෙයවීම මත සිදුවන්නට ඇතැයි යන සැකයද නිලධාරීන් තුළ ඇති වී ඇත. ඒ අනුව පුභූ මරා දැමුවේ කුමන පාර්ශ්වයෙන්ද යන්න තහවුරු කර ගැනීම සඳහා මේ වන විට පුළුල් විමර්ශනයක් අරඹා ඇත. කෙසේ වෙතත් ඔහුට වැල්ලේ සාරංග නමැත්තා විසින් මරණ තර්ජන එල්ල කර තිබූ බවටද තොරතුරු ලැබී ඇත. ඒ ඔස්සේද විමර්ශන පැවැත්වේ. ඒ සඳහා පෑලියගොඩ පොලීසියේ අපරාධි විමර්ශන ඒකකය, බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය සහ කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයද එක්වී ඇත. මෙම සිද්ධීන්වල ප්‍රතිඵලයක් මත ප්‍රභූ නමැත්තා මරා දමන්නට ඇතැයි සැකකරන අතර නාදුනන තුවක්කුකරුවන් විසින් ඔහු ඉලක්ක කොට සිදු කළ වෙඩි තැබීමේදී මාර්ගයේ ගමන්ගත් පුද්ගලයකුටද වෙඩි වැදි තුවාල සිදු විය. ඔහු සුළු තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන්නේය.