three-more-petitions-filed-for-the-rights-of-the-former-president

 "ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)" නමැති පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත තවත් පෙත්සම් තුනක් ඉදිරිපත් කර ඇති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (21) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය. 





ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වගන්තියට අනුව ගොනු කර ඇති එම පෙත්සම්වල පිටපත් තමා වෙත ලැබී ඇති බවද කථානායකවරයා සඳහන් කළේය. සබරගමුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය මහින්ද පතිරණ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ සහ නාවික හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී එස්. එම්. විජේවික්‍රම යන අය විසින් මෙම නව පෙත්සම් ඉදිරිපත් කර ඇත.