බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවතේ ගමන්ගත් තරුණයකු ඉලක්ක කරගෙන ඉකුත් 24 වැනිදා අලුයම් කාලයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල කළ තුවක්කුකරු පොලිස් විශේෂ කාරිය බළකා නිලධාරීන් විසින් මහරගම නාවින්න බස්නැවතුම්පළ අසලදී අත්අඩංගුවට ගත්තේය. ඒ හෙරොයින් ග්‍රෑම් 20ක් සහ මිලිග්‍රෑම් 550ක්ද සමඟය. අත්අඩංගුවට ගැනුනේ කොළඹ 13, පින්තුපිටිය ප්‍රදේශයේ පදිංචි " ක්‍රිෂ් " නමැති පුද්ගලයෙකි. ඔහු මත් ජාවාරමේ නිරත අයෙකි.
ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවන්නේ මොහු ගල්කිස්ස සහ අවට කේන්දු කරගෙන මත්ද්‍රව්‍ය ජාවාරමේ සහ සංවිධානාත්මක අපරාධවල නිරත බඩෝවිට අසංකගේ සමීපතමයකු වූ "සැන්ඩො " නත්තා විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති බවය. විමර්ශන නිලධාර්ක් පවසන්නේ මෙම වෙඩි තැබීම සඳහා ඔහුට රුපියල් ලක්ෂ 5ක් මේ වන විට ගෙවා ඇති බවය. සැකකරු සිදු කළ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වන්නේ විසිඑක් හැවිරිදි ෂෙහොන් දුලාන් පෙරේරා හෙවත් '' චොප්සි මල්ලි '' නමැත්තාය. ඉකුත් 23 වැනිදා රාත්‍රියේ බොරලැස්ගමුව බලරැස් ක්‍රීඩාංගණයේ සංගීත සන්දර්ශනයක් පැවැති අතර එහිදී සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන් වූ කොස් මිල්ලිගේ හා බඩෝවිට අසංකගේ සමීපතමයන් කිහිප දෙනකු අතර බහින් බස් වීමක් සිදුවී තිබේ. බඩෝවිට අසංකගේ සමීපතමයකු වූ හර්ෂ කොටා නමැත්තා සමග ඇති වූ ආරවුල පසුව පොලිසිය මැදිහත්ව සමථයකට පත්කර තිබිණි.
ඉන් අනතුරුව බොහෝ පිරිස් සංගීත සන්දර්ශනය නැරැඹීම නිමාකොට සිය නිවෙස් වලට ගොස් ඇති අතර වොප්සි මල්ලි සහ ඔහුගේ මිතුරකු වූ ජීවන්තද පාගමනින් මාලනී බුලත්සිංහල පාර දිගේ සිය නිවෙස් කරා යෑමේ අරමුණින් පැමිණ ඇත. ඒ සමගම ඔවුන් ඉදිරියට රතු පැහැති ත්‍රිරෝද රියකින් පැමිණි වෙඩික්කරු චොප්සි මල්ලි ඉලක්ක කොට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත. ඒ වෝල්වර වර්ගයේ අවියකිනි. වෙඩි ප්‍රහාරයෙන් චොප්සි මල්ලි මෙන්ම ජීවන්තට ද තුවාල සිදු වූ අතර ඔවුන් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරිණි. රෝහලේදී වොප්සි මල්ලි මිය ගියේය. ජීවන්තගේ අතකට වෙඩි වැදී තිබූ හෙයින් ඔහුගේ තත්ත්වය එතරම් බරපතළ නොවීය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරැඹුවේ. බොරලැස්ගමුව පොලීසියයි. ඊට අමතරව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය සහ පොලිස් විශේෂ කාර්ය බළකායද ඊට එක් විය. නිලධාරීන්ගේ අවධානය සිද්ධිය වූ අවට සී.සී.ටී.වී. කැමරා වෙත යොමු විය. එම කැමරාවක වෙඩි ප්‍රහාරය පැහැදිලිව සටහන් වී තිබිණි. නිලධාරීන්ගේ අවධානය තුවක්කුකරු පැමිණි රතු පැහැති ත්‍රිරෝද රිය වෙත යොමුවිණි. එහි ඉදිරිපස ලාම්පුවේ ආලෝකය සහ එම මොහොතේ මධ්‍යම රාත්‍රිය නිසා ත්‍රිරෝද ඊයේ අංකය හඳුනා ගැනීම එතරම් පහසු කාර්යයක් නොවීය.
මේ අතර නිලධාරින් එම රථයේ ගමන් මාර්ගය ඔස්සේද විමර්ශන ඇරැඹීය. ඒ අනුව එම රථය වෙඩි තැබීම් සඳහා පැමිණෙන දිසාවද ටිකෙන් ටික අනාවරණය කර ගැනීමට නිලධාරීන්ට හැකි විය. මේ අතර ලැබුණු තොරතුරක් මත කළුබෝවිල විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් සැක කටයුතු පුද්ගලයන් තිදෙනකු දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත්තේය. මොවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවන්නේ වෙඩි තැබීම සිදුවීමට පෙර එනම් 22 වැනිදා රාත්‍රියේ සිට මොවුන් ඒ අවට හෝටලයක කාමරයක නතරව සිට ඇති බවත් තුවක්කුකරුද එම කාමරයට පැමිණ ඇති බවත්ය. පසුව එම හෝටලය තුළ සහ ඒ අවට සී.සී.ටී.වී. කැමරා පරික්ෂා කිරීමෙන් පසු සැකකරුවන් පැවැසූ තොරතුරු සත්‍ය බවත් හෙළිවිය.
මෙම කණ්ඩායම එම හෝටල් කාමරයේදී රැඳී සිටියදී ත්‍රිරෝද රියකින් තුවක්කරු එම හෝටලය වෙත පැමිණි බවත් 23 වැනිදා රාත්‍රි මොවුන් වොප්සි මල්ලි ඉලක්ක කරගෙන වෙඩි තැබීමට සූදානම්ව යතුරුපැදියකින් බල රැස් ක්‍රීඩාංගණය වෙත ගොස් ඇති බවත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය විය. ඊට මොහොතකට පෙර එක්තරා කාන්තාවක් පැමිණි තුවක්කුකරුට වෙඩි තැබීම සඳහා රිවෝල්වරය දී ඇති බවට ද තොරතුරු ඇතැයිද නිලධාරීහු කියති. කෙසේ වෙතත් බල රැස් ක්‍රීඩාංගණයට යන අතරමගදි තුවක්කුකරු ගමන්ගත් යතුරු පැදියේ හුළං බැස ඇති අතර එය මාර්ගයේ පසෙක තබා මොවුන් නැවත ත්‍රිරෝද රියකින් පැමිණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව විමර්ශනයේදී හෙළිවී තිබේ.
මේ අතර පොලිස් විශේෂ කාර්ය බළකා මොරටුව කඳවුරේ නිලධාරීන් විසින් වෙඩි තැබීම සඳහා උපයෝගි කරගත් රතු පැහැති ත්‍රිරෝද ඊයද මාර්ගයේ අතහැර දමා ගොස් තිබියදී සොයාගෙන තිබේ. එය පරීක්ෂා කළ නිලධාරීන්ට එම රථය තුළ තිබි ඊ සිටි පතක් සොයා ගැනීමට හැකිව ඇත. ජංගම දුරකථනයක් මිලදී ගත් බව සඳහන් එම රිසිටි පත ඔස්සේ පරීක්ෂණ පැවැත් වූ විශේෂ කාර්ය බළකා නිලධාරීන් එම දුරකථනය ලබාගත් වෙළෙඳ ආයතනය වෙත ගොස් එහි ස්ථාපිත සී.සී.ටී.වී. ආදිය නිර්ක්ෂණය ලක් කරමින් එය මිලදී ගත් පුද්ගලයන් හඳුනා ගෙන ඝාතකයන් නතරව සිටි හෝටල් කාමරයේ සී.සී.ටී.වී. දර්ශන සමඟ සංසන්දනය කරමින් තුවක්කුකරු හඳුනා ගැනීමට නිලධාරීන්ට හැකිව තිබේ. ඒ අනුව කරන ලද දීර්ඝ විමර්ශනයේදී අනාවරණය වන්නේ මෙම වෙඩික්කරු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධකරුවකුගේ සමීපතමයකු වන අතර ඔහු හඳුනා ගැනීමෙන් පසු ඔහු මත් ද්‍රිව්‍ය ජාවාරමට සම්බන්ධ වී ඇති බවත් නිලධාර්න් තහවුරු කරගෙන තිබේ. ඒ අනුව දුරකථනයෙන් තුවක්කුකරු සමබන්ධ කරගත් නිලධාරීන් මත්ද්‍රව්‍ය ඇණවුමක් සිදු කොට ඒ මාර්ගයෙන් ඔහු මහරගම නාවින්න ප්‍රදේශයේ කීල්ස් ආයතනය අසල
බස්නැවතුම් පොළක් අසලදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මත්ද්‍රව්‍යය ද සමගය.
පසුව සැකකාර වෙඩික්කරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ වෙඩි ප්‍රහාරයේ ඉලක්ක ගත චොප්සි මල්ලි නමැත්තා ඔහු නොහඳුනන බවත් තමා ගිය ත්‍රිරෝද ඊයේ රියැදුරා විසින් ඔහු පෙන්වීමෙන් අනතුරුව තමා ඔහුට වෙඩි තැබූ බවත්ය. විමර්ශන නිලධාරීන් පවසන්නේ ත්‍රිරෝද රථයේ රියැදුරා මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇතත් ඔහු හඳුනාගෙන අවසන් බවය.
වෙඩික්කරු ප්‍රහාරය සඳහා ත්‍රිරෝද ඊයෙන් මෙන්ම යතුරුපැදියෙන්ද රැගෙන ගොස් ඇත්තේද එකම පුද්ගලයාම බවද විමර්ශනයේදී නිරීක්ෂණය වී ඇත. විමර්ශන නිලධාරීන් පවසන්නේ තුවක්කුකරු වෙඩි තැබීමට පෙර දින මෙම පුද්ගලයා සමඟ ගොස් වෙඩි තැබීමට උපයෝගී කරගත් ගිනි අවිය ක්‍රියාත්මක තත්ත්වයේ පවතින්නේද යන්නද සොයා බලා ඇති බවය. සැකකාර වෙඩික් ක්කරු ඇතුළු අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී හෙළිවන්නේ මෙම වෙඩි තැබීම සංගීත සන්දර්ශනයේ ඇති වූ ආරවුලට වඩා වෙනත් ආරවුලක් මත ඩෝවිට අසංකගේ සමීපතමයකු වූ සැන්ඩෝගේ උපදෙස් මත සිදුවන්නට ඇති බවට සැකයක් ඇති බව විමර්ශන නිලධාරීහු පවසති. වෙඩික්කරු සැන්ඩෝ හඳුනා ගන්නේ බන්ධනාගාරයේදී බවද කියයි. කෙසේ වෙතත් විමර්ශන නිලධාරීන් පවසන්නේ මෙම වෙඩි තැබීම මෙහෙයවා ඇත්තේ තුවක්කුකරු රැගෙන යතුරු පැදියෙන් සහ ත්‍රිරෝද රියෙන් ගමන්ගත් පුද්ගලයා බවය. ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු චොප්සි මල්ලි ඝාතනයේ සියලුම තොරතුරු හෙළිකර ගත හැකි බවත් විමර්ශන නිලධාහු සඳහන් කරති. (කීර්ති මෙන්ඩිස්)
Comments
Post a Comment
Your comment will be visible after approval