මේ වනවිට දැඩි ආන්දෝලනයක් ඇති වී තිබෙන සිහළ ගොතම සිරි සම්බුද්ධ මහා නිකාය නමැති නිකායේ මහා නායක හිමි ලෙස නම් කර සිටින බදුල්ලගම්මන සුමනසාර හිමියන් ඇතුළු. එම නිකායේ හිමිවරුන් සමීබන්ධයෙන් සිදු කර ඇති අපහාසාත්මක ප්‍රකාශවලට වන්දි ඉල්ලා මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලා නා හිමිපාණන් ඇතුළු පස් දෙනකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව
එම නිකාය සදහන් කරයි. ස්වාධීන බෞද්ධ සංවිධානයක් ලෙස ගොඩනැඟෙන සිය නිකාය පිළිබඳ තීරණ ගැනීමට වෙනත් නිකායික භික්ෂුන් වහන්සේට නීතිමය අවසරයක් නැති බවඑම නිවේදනය මඟින් පවසන සුම්නසාර හිමියන් මෙයින් ප්‍රබල මානව හිමිකම් කඩවීමක් සිදුවන බවත් ඒ සම්බන්ධයෙන් සැප්තැම්බර් මස 08 වැනිදා අරඹන එක්සත් ජාතීන්ගේ 60 වැනි මානව හිමිකම් සැසියේදී සිය භික්ෂුන්වහන්සේ කණ්ඩායමක් ඉදිරිපත් වී කරුණු දැක්වීමට ද බලාපොරොත්තු වන බවත් එම නිකාය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
ආඩියාගල බෝමළුව හෙළගම සිහළ ගොතම සිරි සම්බුද්ධ මහා නිකායේ මහ නායක බදුල්ලගම්මන සුමනසාර හිමි විසින් මල්වතු මහ නායක හිමියන් ඇතුළු පස් දෙනෙක් වෙත මෙම එන්තරවාසිය නිකුත් කිරීමට තමන්ට උපදෙස් දී ඇති බව එම නිකාය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා දන්වා ඇත. ඒ අනුව බදුල්ලගම්මන සුමනසාර හිමියන් සම්බන්ධව සාවද්‍ය හා අපහාසාත්මක කරුණු ඇතුළත් ප්‍රකාශ නිකුත් කර එම හිමියන්ගේ කීර්ති නාමයට දැඩි අගතියක් හා අලාභයක් සිදුකර ඇති බැවින් එම හානිපූරණය වෙනුවෙන්
රුපියල් මිලියන 200ක වන්දියක් ඉල්ලා එම නිකාය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් මල්වතු පාර්ශ්වයේ මහ නායක පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් වෙත එන්තරවාසියක් යවා තිබේ. එමෙන්ම බදුල්ලගම්මන සුමනසාර හිමියන්ට අපහාස කරන ලදැයි කියමින් සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි පහමුණේ සුමංගල හිමියන්ගෙන් රුපියල් මිලියන 1000ක වන්දියක්ද එම ප්‍රවෘත්ති පළ කළ බව කියන බෞද්ධයා නාළිකාවෙන් රුපියල් මිලියන 1000ක චන්ද්‍රියක්ද කර්ම යූ ටියුබ් නාළිකාව පවත්වාගෙන යන පූජ්‍ය ගලගම් කුසලධමිම හිමියන්ගෙන් රුපියල් මිලියන 200ක වන්දියක්ද, කර්ම යු ටියුබ් නාප්‍රිකාව හා එක්ව වැඩසටහනක් කළ බව කියන සෙවනගල සුසිත හිමියන්ගෙන් රුපියල් මිලියන 100ක වන්දියක්ද ඉල්ලා එන්තරවාසි යොමු කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval