හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම්වරිය වන සැන්ඩ්‍රා පෙරේරා මහත්මියගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (04) කැඳවා තිබේ.
ඒ අනුව, ඇය අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි බව වාර්තා වේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ අරමුදල් භාවිත කරමින් සිදුකරන ලද බව කියන විදෙස් සංචාරයක් සම්බන්ධයෙන් පවත්වන විමර්ශනයකට අදාළව මෙම ප්‍රකාශය සටහන් කරගැනීමට නියමිතය.
2023 වසරේ සැප්තැම්බර් මස 13 වන දින සිට 24 වන දින දක්වා කාලය තුළ සිදු වූ විදේශ සංචාරයක් පිළිබඳව මෙම පරීක්ෂණයේදී මූලික අවධානය යොමුවී ඇති බවට තොරතුරු වාර්තා වේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන යොදා ගනිමින් සිදු කළ බව කියන විදෙස් සංචාරය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිය එක්සත් රාජධානියේ උපාධි ප්‍රදානෝත්සවයට යාම වෙනුවෙන් පොදු අරමුදල් භාවිතයෙන් සිදුකර ඇති බවට චෝදනා නැගෙන අතර පෞද්ගලික ලේකම්වරියක වන සැන්ඩ්‍රා පෙරේරා මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මේ ගැන ප්‍රශ්න කරනු ඇතැයි වාර්තාවී තිබේ.
ඒ අනුව, සැන්ඩ්‍රා පෙරේරා මහත්මිය අද (04) පෙරවරු 9.00ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත පැමිණි අතර, නිලධාරීන් විසින් ඇයගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම ආරම්භ කරන ලදී.
මෙම විමර්ශනයට අදාළවම, හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට ද ප්‍රකාශයක් ලබා දීම සඳහා හෙට (05) දින පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval