for-the-first-time-in-history-a-mass-grave-chemmani-is-on-public-display

 ශ්‍රී ලංකාවේ අධිකරණ ඉතිහාසයේ ප්‍රථම වතාවට, යාපනය, චෙම්මනී සමූහ මිනීවළ භූමියෙන් සොයාගත් භාණ්ඩ, හඳුනාගැනීම සඳහා මහජන සහය ලබාගැනීමේ අරමුණින් ප්‍රදර්ශනය කිරීමට අධිකරණය නියෝග කර තිබේ. මෙම ස්ථානයෙන් මේ වනවිට අවම වශයෙන් මිනිස් සැකිලි 112ක් සොයාගෙන ඇත. 



අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව, යාපනය මහේස්ත්‍රාත් ඒ. ඒ. ආනන්දරාජා මහතා විසින් පසුගිය සිකුරාදා (01) මෙම නියෝගය නිකුත් කරන ලදී. වැඩිදුර විමර්ශන සඳහා මෙම හඳුනාගැනීම අත්‍යවශ්‍ය බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබිණි.



ඒ අනුව, කැණීම්වලදී සොයාගත් පාසල් බෑගයක්, වළලු සහ ළදරුවෙකුට අයත් යැයි සැකකෙරෙන කිරි බෝතලයක් ඇතුළු භාණ්ඩ කිහිපයක්, එළඹෙන අඟහරුවාදා (05) දින පස්වරු 1.30 සිට 5.00 දක්වා, A9 මාර්ගයේ පිහිටි අරියාලෙයි සිත්තුපත් හින්දු සුසාන භූමියේදී මහජන ප්‍රදර්ශනයට තැබීමට නියමිතය.

මහාචාර්ය රාජ් සෝමදේව සහ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්. පිරනවන් යන මහත්වරුන්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම් විසින්, 'අඩවිය-1' සහ 'අඩවිය-2' ලෙස නම්කළ ස්ථාන දෙකක, කැණීම් කටයුතුවල දෙවන අදියර, ගතවූ දින 27 පුරාම අඛණ්ඩව සිදුකරන ලදී.

මීට අමතරව, මෙම භූමියට යාබද ඉඩම්වල තවත් මිනිස් කොටස් මිහිදන් කර ඇත්දැයි තහවුරු කරගැනීම සඳහා, ලබන සතියේදී ස්කෑන් යන්ත්‍ර භාවිත කිරීමටද අධිකරණ නියෝගය යටතේ පියවර ගනිමින් සිටින බව වාර්තා වේ.

gossiplanka image 1


gossiplanka image 3
gossiplanka image 4


gossiplanka image 5
gossiplanka image 6