red-notices-soon-for-ministers-sons-and-daughters-receiving-national-scholarships-from-the-presidents-fund

 දුප්පත් ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් පිහිටුවා ඇති ජනාධිපති අරමුදල, නීති විරෝධී ලෙස යොදා ගනිමින් විදේශ ශිෂ්‍යත්ව ලබාගත් දේශපාලනඥයන්ගේ දරුවන් සහ ඥාතීන්ගෙන් එම මුදල් නැවත අය කර ගැනීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව, එම මුදල් කඩිනමින් ගෙවන ලෙස දන්වමින් ඔවුන් වෙත නුදුරේදීම රතු නිවේදන නිකුත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි.



ජනාධිපති අරමුදල ස්ථාපිත කර ඇති පනතේ වගන්තිවලට අනුව, එහි මුදල් වැය කළ හැක්කේ දිළිඳු ජනතාවගේ සෞඛ්‍යාධාර සඳහා පමණක් වන අතර, විදේශ ශිෂ්‍යත්ව ලබා දීම නීති විරෝධී ක්‍රියාවක් බව නීති අංශ පෙන්වා දී ඇත. මෙම මුදල් අය කර ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් රජය මේ වන විටත් නීති විශේෂඥයන්ගෙන් කරුණු විමසා ඇති අතර,

අදාළ ශිෂ්‍යත්වලාභීන්ගේ ලැයිස්තුව පුළුල් අධ්‍යයනයකට ලක් කරමින් පවතින බවද වාර්තා වේ.

මෑතකදී පාර්ලිමේන්තුව අමතමින් නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය, ආචාර්ය අනුර කරුණාතිලක මහතා මෙම කරුණ සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් කළේය. එහිදී ඔහු සඳහන් කළේ, පසුගිය කාලසීමාව තුළ හිටපු මැති ඇමතිවරුන්ගේ දූ දරුවන් ඇතුළු දේශපාලනඥයන්ගේ ඥාතීන් සහ හිතවතුන් 72 දෙනෙකුට අධික පිරිසකට මෙලෙස රුපියල් කෝටි 20කට වැඩි වටිනාකමකින් යුත් විදේශ ශිෂ්‍යත්ව ලබා දී ඇති බවයි.