
අමාත්‍ය ලේකම්වරයකු ලෙස පෙනී සිටිමින් මත්ද්‍රව්‍ය චෝදනාවකට අත්අඩංගුවට ගත් සැකකරුවකු නිදහස් කරන ලෙස මහරගම පොලිස් ස්ථානාධිපතිවරයාට බලපෑම් කළ 30 හැවිරිදි ව්‍යාපාරිකයෙකු මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මාදිවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම ව්‍යාපාරිකයා, තමා පාර්ලිමේන්තු කටයුතු හා මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු බව පවසමින් මෙම දුරකථන ඇමතුම ලබා දී ඇත.
මහරගම පොලිසියේ දූෂණ මර්දන අංශය විසින් හෙරොයින් මිලිග්‍රෑම් 1720ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවකු මුදා හරින ලෙස ඉල්ලමින් මෙම බලපෑම සිදු කර තිබේ.
දුරකථන සංවාදය අතරතුර ඇමතුම ලබාදුන් පුද්ගලයා පිළිබඳව සැක සිතූ පොලිස් ස්ථානාධිපතිවරයා, ඉහළ නිලධාරීන් දැනුවත් කර සිදුකළ පරීක්ෂාවකදී ඔහු අමාත්‍ය ලේකම්වරයකු නොවන ව්‍යාජ පුද්ගලයකු බවට තහවුරු කරගෙන ඇත. අනතුරුව, මාදිවෙල ප්‍රදේශයේ නිවසක සිටියදී සැකකාර ව්‍යාපාරිකයාව අත්අඩංගුවට ගෙන තිබේ.
වැඩිදුර විමර්ශනවලදී, අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා හෙරොයින් සමඟ කොටුවූ සැකකරුගේ මස්සිනා බව අනාවරණය වී ඇත. මීට පෙරද ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ ලේකම්වරයකු ලෙස පෙනී සිටිමින් අලුත්ගම පොලිස් ස්ථානාධිපතිවරයාට බලපෑම් කිරීමේ සිද්ධියකට අධිකරණයෙන් වරදකරු වූවෙකු බව පොලිසිය පවසයි.
සැකකරු විසින් මෙම ව්‍යාජ ඇමතුම ලබාගැනීම සඳහා භාවිත කළ ජංගම දුරකථන සිම්පත ගාල්ල ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පුද්ගලයෙකුගේ නමට ලියාපදිංචි කරවූවක් බවටද හෙළි වී තිබේ. අන් අයෙකු ලෙස පෙනී සිටිමින් සාපරාධී බලහත්කාරය පෑමේ චෝදනාව යටතේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව සැකකරු ඇප මත මුදා හැර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval