අද දින ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත්වූ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල කල්ලි නායකයන් 6 දෙනකුගේ ඡායාරූප මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.අත්අඩංගුවට ගත් පිරිස අතර කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, පානදුරේ නිලංග, බැකෝ සමන් සහ තැඹිලි ළහිරු යන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වාගන්නා අපරාධ කල්ලි සාමාජිකයින් සිටින බව පොලීසිය පවසයි.ඊට අමතරව බැකෝ සමන්ගේ බිරිය සාජිකා ලක්ෂාණි හා තුන් හැවිරිදි දරුවාද හසුව ඇත.