navy-soldier-who-killed-burned-and-buried-uncle-who-killed-parents-arrested

වසර හයකට පෙර තම දෙමාපියන් ඝාතනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ සිය මාමා වන පුද්ගලයෙකු ඝාතනය කර, සිරුර පුළුස්සා වැව් තාවුල්ලක වළ දැමූ 26 හැවිරිදි නාවික හමුදා සෙබළෙකු මකුಳುගස්වැව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ඝාතනය වසර ගණනාවක් සිතෙහි තබාගත් පලිගැනීමක් ලෙස සිදුකර ඇති බව

පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත. ඝාතනයට ලක්ව ඇත්තේ ගලේවෙල, දේවහුව ප්‍රදේශයේ පදිංචිව සිටි 59 හැවිරිදි ඒ. ජී. විමලසේන නැමැත්තෙකි.

මෙම සිදුවීමේ පසුබිම 2019 වසරේ අප්‍රේල් මස 16 වන දින දක්වා දිවයයි. එදින, සැකකාර නාවික සෙබළාගේ දෙමාපියන් ඉඩම් ආරවුලක් මත ඝාතනය කර තිබූ අතර, එම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන චෝදනා එල්ල වූයේ ඝාතනයට ලක්වූ බිරිඳගේ සහෝදරයන් දෙදෙනෙකුටය. අත්අඩංගුවට පත්ව කලක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි එම සැකකරුවන් දෙදෙනා පසුව ඇප මත නිදහස්ව සිට ඇති අතර, ඔවුන්ට එරෙහි නඩුව මේ වන විටත් අධිකරණයේ විභාග වෙමින් පවතී.



පසුගිය 25 වන දා සිට අතුරුදන්ව සිටි ඒ. ජී. විමලසේන නැමැත්තා පිළිබඳව පොලිසියට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනවලදී, නිවාඩු ලබා නිවසට පැමිණ සිටි ත්‍රිකුණාමලය තිස්ස කඳවුරට අනුයුක්ත නාවික සෙබළා පිළිබඳව සැක පහළ වී තිබේ. ඔහුව පෙරේදා (26) අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම පලිගැනීමේ ඝාතනයේ සියලු තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසිය සමත්ව ඇත.

සැකකරු තවත් කිහිප දෙනෙකු සමග එක්ව, යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තම මාමා මඟ රැක සිට ජී. අයි. යකඩ බටයකින් පහරදී ඝාතනය කර ඇති බවට පාපොච්චාරණය කර තිබේ. අනතුරුව මළ සිරුර ලොරි රථයක පටවාගෙන දේවහුව වැව ඉස්මත්තට ගෙන ගොස් පොල් අතු දමා පුළුස්සා, එම ස්ථානයේම වළක් කපා භූමදානය කර ඇත. මරණකරුගේ යතුරුපැදිය දඹුල්ල, ඉබ්බන්කටුව ජලාශයට විසි කළ බවට සැකකරු වැඩිදුරටත් හෙළිකර තිබේ.

සැකකරු ලබාදුන් තොරතුරු මත, දඹුල්ල මහේස්ත්‍රාත්වරයා සහ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ඉදිරියේ අදාළ සිරුරේ කොටස් පෙරේදා (26) පස්වරුවේ ගොඩගන්නා ලදී. ගලේවෙල මකුණගස්වැව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.



gossiplanka image 2