one-and-a-half-year-old-son-dies-after-being-run-over-by-three-wheeler-driven-by-father

 පියා විසින් පදවන ලද ත්‍රිරෝද රථයක් පාලනයෙන් මිදී මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් සිදු වූ අනතුරකින්, එහි ගමන්ගත් වයස අවුරුදු එකහමාරක් වූ පිරිමි දරුවෙකු මියගොස් ඇති බව මාතලේ පොලීසිය පවසයි.



මෙම අනතුර මාතලේ-රත්තොට මාර්ගයේ, මංදණ්ඩාවල ප්‍රදේශයේදී පසුගිය 29 වනදා සිදුවී තිබේ. ත්‍රිරෝද රථය පදවා ඇත්තේ දරුවාගේ පියා විසින් වන අතර, දරුවා සහ ඔහුගේ මිත්තණිය (පියාගේ මව) පසුපස අසුනේ ගමන් කර ඇත. රත්තොට සිට උකුවෙල දෙසට ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුවී තිබේ.



අනතුරින් පසු තිදෙනාම වහාම මාතලේ දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී කුඩා දරුවා ජීවිතක්ෂයට පත්ව ඇත.

දරුවාගේ මිත්තණිය තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත්, සුළු තුවාල ලැබූ පියා ප්‍රතිකාර ලබා රෝහලින් පිටව ගොස් ඇති බවත් පොලීසිය සඳහන් කරයි. මියගිය දරුවා මාතලේ, උකුවෙල, වරකන් ද වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.