ගුරුවරියක වන තම බිරිඳ සමග පැවැත්වූ ලිංගික ක්‍රියාකාරකම් රහසින් වීඩියෝ කර, එම දර්ශන ඇයගේ ශිෂ්‍යයෙකු වෙත වට්ස්ඇප් ඔස්සේ යැවූ බව කියන සැමියෙකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දසනායක මහතා පොලීසියට නියෝග කර තිබේ.
මරදාන ප්‍රදේශයේ පදිංචි ගුරුවරියක විසින් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වෙත කරන ලද පැමිණිල්ලක් පසුගිය 31 වනදා අධිකරණයේදී සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරන ලදී.
පොලීසිය අධිකරණයට දන්වා සිටියේ, අසභ්‍ය දර්ශන නැරඹීමට දැඩි ලෙස ඇබ්බැහි වී ඇති බව කියන සැකකරු, තම බිරිඳට හොර රහසේ ඔවුන්ගේ ලිංගික හැසිරීම් වීඩියෝ ගත කර ඇති බවයි. මෑතකදී දෙදෙනා අතර ඇතිවූ ආරවුලකින් පසු,
බිරිඳව අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් ඔහු මෙම දර්ශන ඇයගේ ශිෂ්‍යයෙකුට යවා ඇති බවට මූලික විමර්ශනවලදී හෙළි වී ඇත.
තවද, සැකකාර සැමියා විශාදය නමැති රෝගී තත්ත්වයෙන් පෙළෙන අයෙකු බවටද කරුණු අනාවරණය වී ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට වැඩිදුරටත් කරුණු වාර්තා කළේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සැකකරුව වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ළමා හා කාන්තා කාර්යාංශයට නියෝග කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval