gossiplanka image 1


කූට ලේඛන සකස් කර ජාතික ඉති­රි­කි­රීමේ බැංකුවේ දත්ත පද්ධ­ති­යට පිවිස රුපි­යල් කෝටි 18ක මුද­ලක් වංචා කළ බව කියන සිද්ධියේ බැංකු නිල­ධා­රියා ඇතුළු සැක­ක­රු­වන් පස් දෙනා ලබන මස 13 වැනිදා තෙක් තව­දු­ර­ටක් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස කොටුව මහේ­ස්ත්‍රාත් නිලු­පුලී ලංකා­පුර මෙණෙ­විය නියෝග කළාය.

මාස දෙක­කට අධික කාල­යක් ඇතැම් සැක­ක­රු­වන් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර ඇති බැවින්, ඔවුන් ඇප මත මුදා­හ­රින ලෙස සැක­ක­රු­වන් වෙනු­වෙන් පෙනී සිටි නීතිඥ මඬුල්ල සිදු කළ ඇප ඉල්ලීම ප්‍රති­ක්ෂේප කළ මහේ­ස්ත්‍රා­ත්ව­රිය සෑම සැක­ක­රු­ව­කුට අදා­ළ­වම සාක්ෂි සම්පි­ණ්ඩන වාර්තා­වක් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙසත් මහේ­ස්ත්‍රා­ත්ව­රිය අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට නියෝග කළාය. සැක­ක­රු­වන් දෙදෙ­නෙක් වෙනු­වෙන් ලිඛිත ඇප ඉල්ලීම් සිදු කළ අතර අ‍නෙක් සැක­ක­රු­වන් තිදෙනා වෙනු­වෙන් වාචි­කව නීති­ඥ­ව­රුන් ඇප ඉල්ලා සිටි අතර ඔවුන් සම්බ­න්ධ­යෙන් ලිඛිත ඇප ඉල්ලීම් සිදු කරන්නේ නම් ඉදිරි දින සිදු කරන ලෙස නියෝග කළ මහේ­ස්ත්‍රා­ත්ව­රිය එම කරුණු සලකා ඇප සම්බ­න්ධ­යෙන් නියෝ­ග­යක් නිකුත් කරන බවත් දන්වා සිටි­යාය.



එම සිද්ධි­යට අදා­ළව එම බැංකුවේ ඉහළ කළ­ම­නා­කා­රී­ත්වය සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­න­යක් කරන ලෙස සැක­ක­රු­වන් වෙනු­වෙන් පෙනී සිටි නීතිඥ මඬුල්ල අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යහ. මේ වංචා­වට අදා­ළව ණය ගනු­දෙනු 43ක් පමණ සිදු කර ඇති බව කියා සිටි නීතිඥ මඬුල්ල සෑම ගනු­දෙ­නු­ව­කින්ම රුපි­යල් ලක්ෂ දෙකක් හත­රක් වැනි මුද­ලක් ණය අය­දු­ම්ක­රු­ව­න්ගෙන් කළ­ම­නා­ක­රු­වන් කොමිස් වශ­යෙන් ලබා ගෙන ඇති බව අධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේය.

මේ අතර, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ණය ලබාදීමක් සම්බන්ධයෙන් සිදුවූ බව කියන වංචාව පිළිබඳ නඩුව පසුගියදා කොටුව අධිකරණයේදී කැඳවීමත් සමග, එම බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සිය ස්ථාවරය පැහැදිලි කර තිබිණි. එම වංචාවට අදාළ සැකකරුවන් හඳුනාගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත්, නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව සමග එක්ව කටයුතු කරන බවත් එහි දැක්විණි.

එම නිවේදනය මගින් බැංකුව තරයේ කියා සිටියේ, අදාළ වංචනික ක්‍රියාවන්ට තම ඉහළ කළමනාකාරීත්වයේ කිසිදු සාමාජිකයෙකුගේ සම්බන්ධයක් නොමැති බවයි. එමෙන්ම, ගනුදෙනුකරුවන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කරමින්, වංචා දූෂණයෙන් තොර සේවාවක් සැපයීමට සියලු කාර්ය මණ්ඩලය කැපවී සිටින බවටද ජාතික ඉතිරි කිරීමේ බැංකුව එහිදී සහතික විය.