npp-donates-6-million-to-uk-sltb

 එක්සත් රාජධානියේ සේවය කරන, ජාතික ජන බලවේගයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් පිරිසක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (ශ්‍රී ලංගම) රුපියල් මිලියන හයක මූල්‍ය පරිත්‍යාගයක් සිදුකර තිබේ. ශ්‍රී ලංගම ඩිපෝ පහක රියදුරන් සඳහා විවේකාගාර පහසුකම් ස්ථාපිත කිරීම මෙම පරිත්‍යාගයේ අරමුණයි. 



මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ඩිපෝ පහ, ප්‍රවාහන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් ඒකාබද්ධව හඳුනාගෙන ඇත.

අදාළ රුපියල් මිලියන හයක චෙක්පත, ජාතික ජන බලවේගයේ එක්සත් රාජධානි ශාඛාවේ නියෝජිතයෙකු වන දර්ශන හෙට්ටිආරච්චි මහතා විසින් අද (15) උදෑසන බත්තරමුල්ලේ පිහිටි ප්‍රවාහන අමාත්‍යාංශයේදී,

ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබිණි.

රටේ යහපත උදෙසා සිදුකළ මෙම පරිත්‍යාගය වෙනුවෙන් රජයේ කෘතඥතාව පළ කරන බවත්, විදේශයන්හි සේවය කරන අනෙකුත් ශ්‍රී ලාංකිකයින්ටද මෙම ઉදාර මුලපිරීම ආදර්ශයක් වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙහිදී සඳහන් කළේය.



gossiplanka image 1