rajapaksa-family-at-kings-hospital-as-lohan-passes-away

 හිටපු ඇමති ලොහාන් රත්වත්තේ අද (14) දින දහවල් නාරාහේන්පිට කිංග්ස් පුද්ගලික රෝහලේදී අභවප්‍රාප්ත වූ පසුව එම ආරංචිය සමග රාජපක්ෂ පවුලේ කිහිප දෙනෙකුම විගස රෝහලට පැමිණ ඒ ගැන සොයා බලා තිබුණි.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හා බිරිය ලිමිණි මෙන්ම රෝහිත රාජපක්ෂද ඒ අතර විය. ඊට අමතරව බන්දුල ගුණවර්ධන හිටපු ඇමතිවරයාද පැමිණි අයුරු කැමරා කාචයේ සටහන් විය.



මාධ්‍ය කැමරා කණ්ඩායම් ඇමතූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේ,

"මේක විශාල පාඩුවක් විශේෂයෙන්ම නුවරට විතරක් නෙමේ රටටත් විශාල පාඩුවක්, වේවි දේශපාලනඥයෙක් නැතිවීම, ඉතින් අපට බොහොම හිතවත් මන්ත්‍රීවරයෙක් හොඳ මිතුරෙක්."

 පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මෙසේ කීය.

"ඔහු අපේ පවුලේ හිතවතෙක් අපට සමීපව දේශපාලන කටයුතු කළ මන්ත්‍රීවරයෙක්.. එතුමා මහනුවර දිස්ත්‍රික්කයට දැවැන්ත සේවයක් කළා. එතුමාගේ අභාවය ගැන අප පවුලේ ශෝකය පළ කරනවා"

gossiplanka image 2


gossiplanka image 3
gossiplanka image 1
gossiplanka image 4


gossiplanka image 5
gossiplanka image 6
gossiplanka image 7


gossiplanka image 8