new-ella-weekend-express-train-service-to-commence-from-august-16

දර්ශනීය කඳුකරයේ සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයින්ගේ ඉහළ ඉල්ලුම සලකා, දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අගෝස්තු 16 වන සෙනසුරාදා දින සිට නව සුඛෝපභෝගී දුම්රිය සේවාවක් හඳුන්වා දීමට කටයුතු යොදා ඇත. "ඇල්ල සති අන්ත එක්ස්ප්‍රස්" ලෙස නම් කර ඇති මෙම දුම්රිය කොළඹ කොටුව සහ බදුල්ල අතර ධාවනය වනු ඇත.



සුවපහසු සහ මනස්කාන්ත සංචාරක අත්දැකීමක් අපේක්ෂාවෙන් කඳුකරයට පැමිණෙන සංචාරකයින් ඉලක්ක කර ගනිමින් මෙම සේවාව දියත් කර තිබේ.



දුම්රිය ධාවන කාලසටහන:

ආසන 350කින් සමන්විත මෙම දුම්රියෙහි ධාවන කාලසටහන පහත පරිදි වේ.

    කොළඹ සිට බදුල්ල බලා: සෑම සෙනසුරාදා දිනකම පෙ.ව. 5:30 ට කොළඹ කොටුවෙන් පිටත් වන අතර, එදින පස්වරුවේ බදුල්ලට ළඟා වීමට නියමිතය.

    බදුල්ලේ සිට කොළඹ බලා: පසුදින, එනම් ඉරිදා දින රාත්‍රී 9:00 ට බදුල්ල දුම්රිය ස්ථානයෙන් නැවත කොළඹ බලා ධාවනය ආරම්භ කරනු ඇත.