
පොතුපිටිය, බෝපිටිය ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි චමින්ද කුමාර මහතා අසල්වැසි නිවසක දෙල් ගසකට නැග එහිදී ඇද වැටීමෙන් බරපතළ තුවාල ලබා ඇත. පළමුව පොතුපිටිය ප්‍රාදේශීය රෝහලටත්, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර මහා රෝහලටත් ඇතුළත් කර ඇති අතර, එහිදී ඔහු මිය ගොස් තිබේ.
අනතුරුව රත්නපුර රෝහල මගින් මෘත දේහය අවසන් කටයුතු සඳහා ඥාතීන් වෙත භාර දී ඇත. ඥාතීන් විසින් දේහය නිවසේ තැන්පත් කර තිබියදී, පොතුපිටිය පොලිසිය පැමිණ දේහයේ පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත්,
ඒ සඳහා දේහය නැවත රෝහලක් වෙත රැගෙන යා යුතු බවත් දැනුම් දී තිබේ.
මෙම ඉල්ලීම ඥාතීන් විසින් ප්‍රතික්ෂේප කර ඇත්තේ, ඒ සඳහා යන වියදම දැරීමට නොහැකි බවත්, එය මියගිය පුද්ගලයාට සහ පවුලට සිදුකරන තවදුරටත් අපහසුතාවයක් සහ අවමානයක් බවත් පවසමිනි.
පසුව පොතුපිටිය පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර, නිවසේ තැන්පත් කර තිබූ දේහය පශ්චาත් මරණ පරීක්ෂණය සඳහා රැගෙන ගොස් ඇත. කලවාන රෝහලේදී එම පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව, දේහය නැවත වරක් ඥාතීන්ට භාර දී තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval