දඹුල්ල - ගලේවෙල ප්‍රධාන මාර්ගයේ ඉබ්බන්කටුව ප්‍රදේශයේ ඊයේ (27) දිනයේ සිදුවූ රිය අනතුරකින් යුද හමුදා කෝප්‍රල්වරයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර තිබේ.
අනතුර පෙරවරුවේ වාර්තා වී ඇති අතර, එහිදී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන දුරකථන කණුවක ගැටීමෙන් එහි ගමන් කළ හමුදා නිලධාරියා ජීවිතක්ෂයට පත්ව ඇත. කුඩා බලු පැටවෙකු කූඩයක දමා යතුරුපැදියේ ඉදිරිපස රඳවාගෙන ඔහු ගමන් කරමින් සිට ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබේ.මෙසේ මියගොස් ඇත්තේ කුරුණෑගල, පාන්ගොල්ල යුද හමුදා කඳවුරේ සේවය කළ 37 හැවිරිදි පී.ඩී. හර්ෂණ සිරිවර්ධන නැමති කෝප්‍රල්වරයෙකි. නිවාඩු ලබා තම නිවෙස පිහිටි මැදිරිගිරිය, මීගස්වැව ප්‍රදේශය බලා යමින් සිටියදී ඔහු මෙම අනතුරට මුහුණ පා තිබේ. අනතුරින් බරපතළ තුවාල ලැබූ ඔහුව ප්‍රදේශවාසීන් විසින් දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කළ ද, ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. යතුරුපැදියේ රැගෙන ආ බලු පැටවා අනතුර සිදුවූ ස්ථානය අසල නිවසක සුරක්ෂිතව සිටින බව දඹුල්ල පොලිසිය සඳහන් කළේය.