
සිය දියණිය අදාළ ශිෂ්‍යත්වය සඳහා ඉල්ලුම් කර ඇත්තේ, ජනාධිපති අරමුදල විසින් පුවත්පත් දැන්වීමක් මගින් වාර්ෂිකව පිරිනමනු ලබන පශ්චාද් උපාධි ශිෂ්‍යත්ව වැඩසටහනට අනුව බව කොඩිතුවක්කු මහතා පෙන්වා දෙයි.
විශේෂඥ දැනුම සහිත විද්වතුන් තිදෙනෙකුගෙන් සමන්විත සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක නිර්දේශය මත ඇය එම ශිෂ්‍යත්වය සඳහා තේරී පත් වූ බවද ඔහු සඳහන් කරයි.
එම සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ වත්මන් කුලපති, මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා කටයුතු කළ බවත්, අදාළ ක්‍රියාවලියේ විනිවිදභාවය පිළිබඳව ඕනෑම අයෙකුට ඒ මහතාගෙන් විමසිය හැකි බවත් කොඩිතුවක්කු මහතා සිය නිවේදනයේ දක්වා ඇත. මෙම චෝදනාව තම දියණියට පමණක් නොව, ඇයව නිර්දේශ කළ විද්වත් මණ්ඩලයට ද එල්ල කළ අවමානයක් බව ඔහු පවසයි.
නිව්යෝර්ක් හි කොලොම්බියා විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධියක් හැදෑරීමට අවස්ථාව ලැබුණු සිය දියණියට,
විශ්වවිද්‍යාල ගාස්තුවෙන් කොටසක් පියවා ගැනීම සඳහා මෙම ශිෂ්‍යත්වය උපකාරී වූ බව සඳහන් කරන කොඩිතුවක්කු මහතා, ජනාධිපති අරමුදලින් ලැබුණේ පළමු වසරේ ගාස්තුවෙන් සියයට 20ක් වූ රුපියල් ලක්ෂ දහයකට මඳක් වැඩි මුදලක් පමණක් බවද කියා සිටී. උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු නැවත ශ්‍රී ලංකාවට පැමිණි ඇය, විවාහ වන තුරුම මෙරට තුළ සිය වෘත්තියේ නිරත වූ බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval