
හිටපු රාජ්‍ය අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා අද (15) දහවල් අභාවප්‍රාප්ත විය. රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මෙලෙස ජීවිතයෙන් සමුගත් බව පවුලේ ආරංචි මාර්ග තහවුරු කරයි. මියයන විට ඒ මහතා 57 වන වියේ පසුවිය.
ලැබී ඇති ආරංචි මාර්ග අනුව රත්වත්තේ මහතා කාලයක සිට අක්මාව ආශ්‍රිත රෝගී තත්වයකින් පීඩා විඳි අතර ඊට ප්‍රතිකාර ලබමින් පසුව ඇත. අක්මා රෝගයට දුර්වලවී පසුගිය සතිකිහිපයක කාලයේ රෝහල් සයනයේ එක්තැන්වී සිටියදී ඇතිවුු නිව්මෝනියා තත්වයෙන් මෙලෙස අභවප්‍රාප්ත වී තිබේ.
මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් දේශපාලනයට පිවිසි ලොහාන් රත්වත්තේ මහතා, සිය දේශපාලන ගමන ආරම්භ කළේ මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයෙනි. 2010 වසරේදී පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඔහු, විවිධ රජයන් යටතේ නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍ය ධුර රැසක් හොබවා තිබේ.
ඒ අතර, මාර්ග සංවර්ධන, වැවිලි, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, මැණික් හා ස්වර්ණාභරණ, සහ මහවැලි සංවර්ධන යන රාජ්‍ය අමාත්‍ය ධුර ප්‍රධාන වේ.
ඔහු, හිටපු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ දිවංගත අනුරුද්ධ රත්වත්තේ මහතාගේ පුත්‍රයා වන අතර, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේද සමීප ඥාතියෙකි.
ලොහාන් රත්වත්තේ මහතාගේ නම, ඔහුගේ දේශපාලන දිවිය පුරා ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයක් සමගම බැඳී පැවතුණි. 2001 මහ මැතිවරණ සමයේ මහනුවර, උඩතලවින්න ප්‍රදේශයේදී මුස්ලිම් තරුණයන් දස දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.
2021 වසරේදී බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී, අනුරාධපුර බන්ධනාගාරයට ගොස් රැඳවියන් පිරිසක් දණ ගස්වා ගිනි අවියක් පෙන්වා තර්ජනය කළ බවට
ඔහුට බරපතල චෝදනාවක් එල්ල විය. මීට අමතරව, නීතිවිරෝධීව එකලස් කරන ලද වාහනයක් භාවිත කිරීමේ චෝදනාව මත මෑතකදී අත්අඩංගුවට පත්වීම සහ පසුගිය ජනාධිපතිවරණ සමයේදී සිදුකළ ආන්දෝලනාත්මක දේශපාලන ප්‍රකාශ හේතුවෙන්ද ඔහු සමාජ කතාබහට ලක්විය.
Comments
Post a Comment
Your comment will be visible after approval